2023 ඔක්තෝම්බර් මාසයේදී වැඩි කළ විදුලි ගාස්තු 50%කින් පමණ මේ මාසය තුළ දී යළි අඩු කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා පවසයි.
විදුලිබල මණ්ඩලයේ එම යෝජනාව එළඹෙන 12 හෝ 13 වන දිනවලදී මහජන උපයෝගිතා කොමිසමට භාරදීමට නියමිත බවයි ඔහු පැවසුවේ.
ඒ අනුව එම කොමිසම හරහා අදාළ ඉදිරි කටයුතු සිදු කරනු ඇති බව ඔහු සඳහන් කරයි.