Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මේ රෝග ලක්ෂණ ඇත්නම් ළමුන් පාසල් නොයවන ලෙස ඉල්ලීමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ළමුන් අතර හතිය රෝගය වැළඳීම සහ වෛරස රෝග තත්ත්වයක් මේ දින වල ඉහළ ගොස් තිබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

ඒ පවතින අඛණ්ඩ වර්ෂාපතනයත් සමඟයි.

ඒ අනුව කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ සමඟ හතිය රෝගය ළමුන්ට වැළදෙන බවයි වෛද්‍යවරයා පැවසුවේ.

නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම තුළින් එම රෝගී තත්ත්වයෙන් ළමුන් ආරක්ෂා කර ගැනීමට හැකියාව පවතින බව ද වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.

ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ ඇත්නම් ළමුන් පාසල් නොයවන ලෙස ද වෛද්‍යවරයා දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් සිදු කරයි.

Scroll to Top