ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් නව කොවිඩ් ප්‍රභේදයක් හඳුනාගත් බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විට එම ප්‍රාන්තයේ JN.1 කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් 1,324 දෙනකු හඳුනාගෙන ඇතැයිද, පසුගිය දින දෙක ඇතුළත කොවිඩ් මරණ දෙකක්ද වාර්තා වී ඇතැයිද ප්‍රාන්ත මාධ්‍ය සඳහන් කර තිබේ.
මේ මරණ වාර්තා වීමත් සමඟ කේරළ ප්‍රාන්තයේ පනූර් සහ කන්නූර් දිස්ත්‍රික්ක තුළ කොවිඩ් නීතිරෙගුලාසි පනවා තිබෙන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
JN.1 ලෙස නම් කර ඇති මේ කොවිඩ් ප්‍රභේදය පසුගිය සෙනසුරාදා පළමු වරට ප්‍රකාශයට පත් කර තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වෙයි.
නව ප්‍රභේදය හඳුනාගෙන ඇත්තේ මීට පෙර කොවිඩ් ආසාදනයට ලක් වූ ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත තිරුවෙන්දපුරම් දිස්ත්‍රික්කයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවකගෙන් බවත් එරට මාධ්‍ය සඳහන් කරයි.
නව කොවිඩ් ප්‍රභේදය මීට මාස කිහිපයකට පෙර ඇමෙරිකාවෙන් සහ චීනයෙන් හඳුනාගත් ප්‍රභේදයක් බවද වාර්තා වී තිබෙනවා.