පාසල් සඳහා සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතියක් ලබන වසරේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව එහි නියාමන ව්‍යාපෘතියක් මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාසයෙන් ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මේ ව්‍යාපෘතිය ආරම්භ කෙරෙන අතර පාසල්වල විදුලි බිලට සහනයක් සැලසිමේ අරමුණෙන් මෙය දිවයින පුරා පාසල්වල ලබන වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
නියමු ව්‍යාපෘතිය යටතේ මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාසයේ මසකට රුපියල් 20,000ට වැඩි විදුලි බිලක් ඇති පාසල් සඳහා මුලින්ම මේ වැඩසටහන ක්‍රියාවට නැංවෙනු ඇති.