2022 (2023) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා නිවේදනය කරයි.
අමාත්‍ය ප්‍රේමජයන්ත මහතා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව අමතමින්.
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.
මීට පෙර පැවති උසස් පෙළ විභාගවල පිළිතුරු පත්‍ර ලකුණු කිරීම මාස 3කට ආසන්න කාලයක් ප්‍රමාද වීම හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වූ බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.