හිටපු ප්‍රංශ අධිරාජ්‍යයකු වන නැපෝලියන් බොනපාර්ට්ගේ තොප්පිය ඇමෙරිකානු ඩොලර් මිලියන 2.1 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 68 කට පමණ) කට ප්‍රංශයේ පැරිස් නුවර පැවති වෙන්දේසියකදී වෙන්දේසි කර ඇත.
ඇමෙරිකානු ඩොලර් 655000 – 873000 අතර මුදලකට මෙම තොප්පිය වෙන්දේසි වේයැයි ඇස්තමේන්තු කළත් අවසානයේ එම මුදල මෙන් දෙගුණයකටත් වඩා වැඩි මිලකට මෙම තොප්පිය අලෙවි වී තිබේ.
මෙම තොප්පිය නැපෝලියන් අධිරාජ්‍යයා වසර 1769 – 1821 දක්වා කාලය තුළදී පැළඳ තිබේ.
මෙම තොප්පිය කළුපැහැති බීවර් සත්ව ලෝමයන්ගෙන් කර ඇති අතර මේ මාදිළිය ”බයිකෝන් තොප්පි” ලෙස හැඳින්වෙයි. තොප්පිය මිලදී ගත් පුද්ගලයාගෙ අනන්‍යතවය හෙළිව නැති වුවද ඔහු ප්‍රධාන පෙලේ කෞතුක භාණ්ඩ එක් රැස්කරන්නෙක් විය හැකිබව විදෙස් මධ්‍ය පවසයි.
ඉතිහාසඥයන් පවසන පරිදි නැපෝලියන් අධිරාජ්‍යයා වසර ගණනාවක් පුරා බයිකෝන් තොප්පි 120ක් පමණ භාවිත කර ඇත . මේවන විටත් විවිධ ස්ථාන වල ඉන් කිහිපයක් පමණක් ඉතිරිව ඇති බව ඕවුහු පවසති .
1815 දී වෝටර්ලූ සටනේදී ජෙනරාල් වොෂිංටන් හමුවෙ පරාජයට පත් වීමෙන් පසු නැපෝලියන් සතුව තිබූ භාණ්ඩ විශාල ලෙස කොල්ලකන ලදි . ඒවා විවිධ අවස්ථාවන්හීදී වෙන්දෙසි කරනු ලැබීය .
රිදී පිඟානක් සහ රේසර්, රිදී දත් බුරුසුවක්, කතුර සහ වෙනත් බඩු බාහිරාදිය සමඟ ඔහු සතුව තිබූ ලී වැනටි පෙට්ටියක් මෙම වෙන්දේසියේදී අලවි කර තිබේ .