අනුරාධපුර දිස්ත්රික්කයට ඊයේ (19) රාත්රීයේ තුළ ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් නැවතත් පිටාර ගැලීම ආරම්භ කළ රාජාංගනය ජලාශයේ වාන් දොරටු අද (20) අලුයම් කාලයේ සිට විවෘත කිරීමට වාරිමාර්ග බලධාරීන් පියවර ගෙන තිබේ.
රාජාංගනය ජලාශයේ වාන් දොරටු අටක් අද (20) අලුයම 2.00 ට පමණ විවෘත කිරීමට පියවර ගත් අතර ඉන් තත්පරයට ඝන අඩි 7200 ක ජල ප්රමාණයක් කලා ඔයට මුදා හැරේ.
මේ අනුව අඩි හතර බැගින් වාන් දොරටු 04 ක්,අඩි තුන බැගින්ද වාන් දොරටු 02ක් සහ අඩි දෙක බැගින් වාන් දොරටු 02 ක් විවෘත කොට ඇත.
මේ නිසා කලාඔයේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් ඔය දෙපස පදිංචි ජනතාව ප්රවේසමෙන් කටයුතු කරන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි