Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්වෙයි – මෙවර ලංකාවෙන්ම වැඩි ලකුණු ගත් පුංචි හපන්නු පහක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ඉහළම ලකුණු ලැබූ දරුවන් 05 දෙනෙකු ගැන වාර්තා වී තිබේ.

ඔවුන් ලබාගෙන ඇති ලකුණු ගණන වන්නේ ලකුණු 198කි.

විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ මෙවර කඩඉම් ලකුණු සීමාව ඉක්මවා ගිය දරුවන්ගේ ප්‍රතිශතය 15.22% වන බවයි.

පසුගිය වසරේ එම ප්‍රතිශතය වාර්තා වූයේ 14.64%ක් ලෙසටය

මෙවර 5 ශිෂ්‍යත්ව විභාගයේ ඒඒ දිස්ත්‍රික්කවල සිංහල සහ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු පිට කර තිබෙන අතර දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ වන්නේ 154 බවය.හම්බන්තොට සහ රත්නපුර අවම ලකුණු සීමාව 150 ක් වන අතර, වවුනියාව දිස්ත්‍රික්කයේ ලකුණු සීමාව සටහන් වන්නේ 145 කි.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍ය ලකුණු සීමාව 147 කි.

මෙවර විභාගයේ පළමු ප්‍රශ්ණ පත්‍රයේ ඇතැම් ප්‍රශ්ණ ගැටළු සහගත බවට රට තුළ දැඩි ආන්දෝලනයක් ද ඇති විය.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳ නැවත පරීක්ෂාවක් සිදුකිරීමට අවශ්‍ය වන්නේ නම් නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් මස 4වන දින දක්වා මාර්ගගතව අභියාචනා ඉදිරිපත් කිරිමේ හැකියාව පවතින බවයි.

ගම්පහ සුමේදයේ ශෙනුල්

මෙවර 5 වසර ශිෂ්‍යත්වයෙන් ගම්පහ සුමේධ විද්‍යාලයේ ශෙනුල් අක්මීමන සිසුවා ලකුණු 198 ක් ලබා ගැනීමට සමත්ව ඇත.

ගම්පහ , හංසගිරි පාර ප්‍රදේශයේ පදිංචි පවුලක එකම දරුවා වන ශෙනුල් සිය ඉහළ සාමාර්ථය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සදහන් කර සිටියේ , තමන් මෙම විභාගයෙන් වැඩි ලකුණු සංඛ්‍යාවක් ලැබෙන බවට විශ්වාසයක් තිබූ බවය.

තම අනාගත බලාපොරොත්තුව ගණිත අංශයෙන් රැකියාවක නිරත වෙමින් රටට සේවයක් කිරීම බවත් දරුවා සදහන් කළේය.

ගෝතමියේ හපනා

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වයෙන් ගම්පහ , ගෝතමී විද්‍යාලයේ හිරුෂ කේෂාන් විජේසිංහ සිසුවා ලකුණු 198 ක් ලබා ගනිමින් විදුහලට කීර්තියක් අත්කරදී ඇත.

මෙම සිසුවා ගම්පහ, ඔරුතොට ප්‍රදේශයේ පදිංචි පවුලක එකම දරුවාය.

ඔහු සිය ඉහළ සාමාර්ථය ගැන අදහස් දක්වමින් කීවේ මෙවර ශිෂ්‍යත්ව විභාගය තරමක් අමාරු වුවත්, වැඩි ලකුණු ප්‍රමාණයක් ලැබේවි යැයි අදහසක් තිබූ බවත් ඔහුගේ අනාගත අපේක්ෂාව ඉංජිනේරුවෙකු වීම බවත්ය.

 

 

Scroll to Top