පාසල් ගිය දරුවා හදිසියේම රෝගාතුර වී රෝහල් ගත කර ඇති බවට පවසමින් දෙමාපියන්ගෙන් මුදල් වංචා කිරීමේ හා නිවාස බිඳ සොරකම් කිරීමේ කල්ලියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මේ වන විට කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවකින්ම මෙවැනි සිදුවීම් වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ.
මීට පෙර කොළඹ නගරයේ ප්‍රධාන පාසලක දරුවකුගේ පියකුට පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙස කතා කර දරුවා හදිසියේ අසනිප වී නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කළ බවට පවසා තිබෙනවා.
අදාළ දරුවාගේ පියා නීතිඥවරයකු වන අතර ඔහු මේ සම්බන්ධයෙන් පළමුව පාසලෙන් විමසා සිටි අවස්ථාවේ එැවන්නක් සිදුව නොමැති බව දැනගන්නට ලැබී තිබෙනවා.
කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ ව්‍යාජ දුරකථන ඇමැතුම්වලට නොරැවටී තමන්ගේ දරුවන් ගැන පාසලෙන් විමසිම් කර සත්‍ය තහවුරු කර ගන්නා ලෙසයි.