රොබෝ යන්ත්රයක පහර දීමකින් දකුණු කොරියාවේ සමාගම සේවකයකු ජීවිතක්ෂයට පත් ව තිබේ.
ආහාර අසුරා තිබූ පෙට්ටි කිහිපයක් නිවැරැදි ව හඳුනා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් රොබෝවරයා විසින් මෙම පුද්ගලයාට පහර දී ඇත.
රොබෝ යන්ත්රය විසින් පුද්ගලයා ව අල්ලාගෙන ඔහු ගේ මුහුණ සහ පපුව කුඩු කර දමා ඇති බව දකුණු කොරියානු ප්රවෘත්ති ඒජන්සිය වන යොන්හැප් වාර්තා කර ඇත.
40 හැවිරිදි වියේ පසු වූ මෙම පුද්ගලයා, රොබෝ යන්ත්රය පරීක්ෂා කරමින් සිටිය දී මෙම සිද්ධිය සිදු ව තිබේ.