Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කොටගලත් පරිසර ආරක්ෂණ සහ නගර අලංකරණය වැඩසටහනක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතාගේ අදහසක් අනුව දිවයින පුරා ක්‍රියාත්මක කරන පරිසර ආරක්ෂන සහ නගර  අලංකරණ වැඩසටහනට සමගාමිව හැටන් කොටගල නගරය සුද්ද පවිත්‍ර කිරිමේ වැඩසටහනක් අද (29) සිදු කලා.

කොටගල ප්‍රාදේශිය සභාව, දිඹුල පතන පොලිසියේ පරිසර ඒකකය එක්ව සංවිධානය කල හැටන් කොටගල නගර පිරිසිදු කිරිමේ වැඩසටහනට කොටගල ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් , සභාවේ සේවකයින්  සහ ප්‍රදේශවාසින් ඇතුළු විශාල පිරිසක් එක් වි සිටියා.

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ පිහිටි කොටගල නගරය පුරා මාර්ගය දෙපස බැහැර කර ඇති කැලි කසල එක්රැස් කිරිම , වැල් පැලැටි ගලවා ඉවත් කිරිම සහ මාර්ග අභියස තාප්ප වල අලවා ඇති පොස්ටර් සහ දැන්විම් ඉවත් කිරිම මින් සිදු කිරිම මෙම පරිසර වැඩසටහනට සමගාමිව සිදු කලහ.

පරිසර වැඩසටහන පිලිබදව අදහස් දැක් වු කොටගල ප්‍රාදේශිය සභාවේ සභාපති රාජමණි ප්‍රසාද් මහතා කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  මෙම උදාර සංකල්පය අඛණ්ඩව පවත්වාගෙන යාමට තම ප්‍රාදේශිය සභාව කටයුතු කරන බවයි.

කොටගල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ සවි කර තිබු කටවුට් , බැනර් සහ පොස්ටර් සියල්ල මේ වන විට ගලවා ඉවත් කල බවද කොටගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා කියා සිටියා.

Scroll to Top