Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ත්‍රීරෝද රථ ලියාපදිංචියක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

විවිධ අපරාධ හා අනතුරු අවම කර ගැනීමේ හා අපරාධ හා අනතුරු පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ අරමුණින් එප්පාවල පොලිස් වසමට අයත් ත්‍රී‌ රෝද රථ හදුනා ගැනීම සඳහා ත්‍රී රෝද රථ ලියාපදිංචි කර එප්පාවල පොලීසිය මගින් නිළ ලාංජනයක් ලබා දීමේ වැඩසටහන් ඊයේ (29) දවස පුරා ක්‍රියාත්මක කෙරිණි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල පොලිස් ස්ථානය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

ඒ අනුව එක් එක් ත්‍රී රෝද රථයට වෙනම ලියාපදිංචියක් සිදු කර ත්‍රී රෝද රථ සඳහා වෙනම අංකයක් ලබා දීම හා එප්පාවල පොලිස් වසමේ ත්‍රී රෝද රථයක් බවට තහවුරු කරමින් ලාංජනයක්ද ත්‍රී රෝද රථවල මුද්‍රණය කරනු ලැබීය.

‌මේ මගින් මාර්ග අනතුරු සිදු කර පලා යන රියදුරන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම, පොලිස් වසමට පිටතින් පැමිණෙන ත්‍රී රෝද රථ මගින් සිදු කරන විවිධ අපරාධ හා අපචාරයන් මැඩලීමේ පහසුව මෙන්ම, රන් භාණ්ඩ කොල්ලකෑම් හා මංකොල්ලකෑම් ආදිය සිදු කරන අයවලුන් හදුනා ගැනීමේ පහසුව මේ මගින් ඇති බව එප්පාවල පොලිස් ස්ථානයේ රථ වාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දමිත් කෝදාගොඩ මහතා පැවසීය.

මේ යටතේ ත්‍රී රෝද රථ 300 කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචිය සිදු කර ගෙන ඇත.

සමල්

Scroll to Top