Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ප්‍රදේශ කිහිපයකට බරපතළ අවදානමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙම මාසයේ අද දිනය දක්වා පමණක් ඩෙංගු රෝගීන් 2500 ප්‍රමාණය ඉක්මවා වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින්  පැවසීය.

දිවයින පුරා ඩෙංගු අධි අවදානම් කලාප ප්‍රමාණයේ ඉහළ යාමක් වර්ශාපතනයත් සමග වාර්තා වී තිබේ.

එසේම පසුගිය කාලසීමාවේ දෛනික ඩෙංගු ආසාදිතයින් ප්‍රමාණය 70ත් 80ත් අතර ප්‍රමාණයක පැවතිය ද මේ වනවිට දෛනික ඩෙංගු ආසාදිතයින් ප්‍රමාණය 100 සීමාව ඉක්මවා ගොස් ඇති බවද ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ඊයේ දිනයේ පමණක් දිවයින පුරා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 141ක් බවත් විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසීය.

බස්නාහිර පළාතේ, ගම්පහ කොළඹ සහ කළුතර යන දිස්ත්‍රික්ක තුනෙන්ම රෝගීන් වාර්තා වන අතර ඒ අතරින් කොළඹ දිස්ත්‍රික්කය වැඩි අවදානමකට ලක්ව ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේත්, ගොතටුව, නුගේගොඩ සහ මහරගම යන ප්‍රදේශවලත් ඩෙංගු අවදානම වැඩිවී ඇති බව ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, අත්තනගල්ල, බියගම, කැලණිය සහ වත්තල යන ප්‍රදේශවලද ඩෙංගු අවදානම වර්ධනය වී තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ පානදුර සහ බේරුවල යන ප්‍රදේශවල ද ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් දැකගත හැකි බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ඩෙංගු මදුරුවන් ඇතිවන ස්ථාන විනාශ කිරීමටත් තම පරිසරයේ පිරිසිදු බර රැකගැනීමටත් අවශ්‍ය පියවර නිරන්තරයෙන් ගන්නා ලෙසට ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටී.

දිවයින පුරා ඩෙංගු අවදානම් කලාප සංඛ්‍යාව 24 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය නලින ආරියරත්න මහතා පැවසුවේ, ඒත් සමගම ඉදිරියේදී ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇති බවයි.

ඩෙංගු මදුරුවන් ඇතිවන ස්ථාන විනාශ කිරීමටත් තම පරිසරයේ පිරිසිදු බර රැකගැනීමටත් අවශ්‍ය පියවර නිරන්තරයෙන් ගන්නා ලෙසට ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටී.

Scroll to Top