මස්කෙළිය පොලිස් වසමට අයත්, සීටිං ප්‍රදේශයේ කැළණි ගඟ ඉවුරේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයින් 08 දෙනෙක් මස්කෙළිය පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන (26) දා හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමෙන් අනතුරුව විනිසුරු එච්.එම්.ෆරීඩ්ඩීන් මහතා විසින් වරද පිළිගත් සැකකරුවන්ට, එක් අයෙකුට රුපියල් 12500/- බැගින් රුපියල් 100000/- දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කරන ලදී.
මෙසේ වරද කරුවන් වූයේ, රත්නපුර හා නෝටන්බ්‍රීජ් ප්‍රදේශවල පදංචිකරුවන් පිරිසකි.
මෙම වැටලීමේදී මැණික් ගැරීමට උපයෝගී කරගන්නා උපකරණ තොගයක්ද පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
මස්කෙළිය පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක මධුෂංක මහතා ඇතුළු නිලධාරින් පිරිසක් මෙම වැටලීම සිදුකර චූදිතයින් අධිකරණය හමුවට පමුණුවා තිබුණි.
මස්‍කෙළිය -ගාමිණී