ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම් අතර තරඟය පස්වරු 2.00ට බෙංග්ලාරුහිදී අද (26) පැවැත්වීමට නියමිතව තිබේ.
දෙපිළම මෙතෙක් තරග 4 කට බැගින් ක්‍රීඩා කර ඇති නමුත්, එම තරගවලින් 3 ක්ම පරාජයට පත්ව එක් තරගය බැගින් ජය ලබා සිටින බැවින් හෙට තරගය ඇතැම් විට මෙම කණ්ඩායම් දෙකටම තරගාවලියේ ඉදිරිය තීරණාත්මක කරනු ලබන කඩඉම් තරගයක් බවට පත්ව තිබේ. මන්ද යත් හෙට තරගය ජය ගනු ලබන කණ්ඩායමට අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට යෑමේ බලාපොරොත්තු රඳවා ගත හැකි අතරම පරාජිත කණ්ඩායමට අරමුණක් නොමැති වුවද සෙසු තරග වලට ක්‍රීඩා කිරීමට සිදුවනු ඇත. හෙට තරගය ජය ගනු ලබන කණ්ඩායමට තරගාවලියේ ඉදිරියට යෑමේ බලාපොරොත්තු ඉතිරි වුවද අර්ධ අවසන් වටය සදහා පැමිණීමට නම් හෙට දිනන කණ්ඩායමට ඉදිරියේදී විශාල කාර්යයයක් ඉටු කිරීමට සිදුවනු ඇත.
අවසන් වතාවේ එක්දින ලෝක ශූරයින් ලෙස කිරුළ පැළදී එංගලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානයේත් 1996 වසරේ එක්දින ලෝක ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම එම සටහනේ 8 වැනි ස්ථානයෙත් පසුවෙති.
සමස්ථයක් ගත් විට ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ ශක්තියේ වර්ධනයක් පෙන්නුම් කළද පන්දු යැවීමේදී පිතිකරුවන්ව පාලනයේ තබා ගැනීමට පන්දු යවන්නන්ට නොහැකිවීම දැඩි පාඩුවකි. මෙය හෙට තරගෙය්දී එංගලන්ත කණ්ඩායම අවියක් කර ගැනීමට මාන බලමින් සිටින බැවින් එවැනි අවස්ථාවක් ඔවුන් වෙත නිර්මාණය කර නොදීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවහොත් හෙට තරගය පිළිබඳව පැහැදිළි බලාපොරොත්තු තබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබෙනු ඇත.
වත්මන් ලෝක ශූරයින් වන එංගලන්ත කණ්ඩායම මේ වන විටත් වැටී සිටින මට්ටම අනුව ඔවුන් වෙතට වැඩි පීඩනයක් නැඹුරුව තිබෙන බැවින් එහි වාසිය තමන් වෙත හරවා ගැනීමේ හොඳ වාසියක් ශ්‍රී ලංකා කණ්ඩායම සුතුව තිබේ.
ක්‍රිකට් උපන් රට ලෙසින් සැලකෙන එංගලන්තය සහ ශ්‍රී ලංකාව මෙතෙක් එක්දින තරග ඉතිහාසයේ 78 අවස්ථාවකදී මුණ ගැසී තිබෙන අතර එහිදී එංගලන්තය ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් පසුවන්නේ ජයග්‍රහණ 2 කිනි. ශ්‍රී ලංකාව ජයග්‍රහණය 36 ක් වාර්තා කර ගැනීමට සමත් වද්දී එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය 38 ක් වාර්තා කර ගැනීමට සමත්ව සිටියි.
හෙට තරගය සදහා නෙදර්ලන්තයට එරෙහි තරගයේදී පාදයේ ආබාධයකට ලක් වුණු පිට දග පන්දු යවන මහීෂ් තීක්ෂණ එංගලන්තයට එරෙහි තරගය සදහා වන තේරීම් වලට උචිත සෞඛ්‍ය මට්ටමකින් පසුවීම ශ්‍රී ලංකා පිලට සැනසිලිදායක කරුණකි. අදාළ ආබාධිත තත්ත්වය නිසා තීක්ෂණව එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණයකට යොමු කළ අතර එහිදී සඳහන් වූයේ එම ආබාධිත තතත්වය එතරම් බරපතල නොවන බවයි.
මතීෂ පතිරණ ආබාධයකට ගොදුරුව කණ්ඩායමෙන් ඉවත්ව සිටින අතර ඒ සදහා හිටපු නායක තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට එක්ව සිටියි.
ශ්‍රී ලංකා පිලේ ප්‍රධානතම හිසේ කැක්කුම පන්දු යැවීමේ ස්ථාවරත්වය බිඳී ගොස් තිබීමය. ඩිල්ෂාන් මධුසංඛ ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳම පන්දු යවන්නා වී ඇති අතර, කඩුලු 11 ක් දවාගෙන ඇත. අනෙක් පන්දු යවන්නන් එංගලන්තයට එරෙහි තරගයේදී අනවශ්‍ය පරිදි ‘වයිඩ් පන්දු‘ නොයවා වඩාත් සැලසුම්සහගත නොවුණහොත් බරපතළ ගැටලුවකට මුහුණදීමට සිදුවනු ඇත.
ඊයේ පැවති මාධ්‍ය හමුවේදී එංගලන්ත ක්‍රීඩක මොයින් අලී පැවසුවේ ශ්‍රී ලංකාව සමඟ තරගයෙන් පැහැදිලි ජයග්‍රහණයක් බලාපොරොත්තු වන බවය. “ මේ ලෝක කුසලාන තරගාවලියේ රැඳී සිටීමට නම් අපට ජයග්‍රහණය අවශ්‍යයි. ශ්‍රී ලංකාව හොඳ කණ්ඩායමක්. පසුගිය තරගවලදී අපගේ හොඳම පිතිකරුවන් හය දෙනා ලකුණු අතරට ආවේ නෑ. නමුත් බැංගලෝර් තණතිල්ල ලකුණු ලබාගත හැකි එකක්. මා හිතනවා වෙනසක් කළ හැකියි කියා“ මොයින් අලී සඳහන් කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම – කුසල් මෙන්ඩිස් (නායක), කුසල් ජනිත්, පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුනාරත්න, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, කසුන් රජිත, ළහිරු කුමාර, ඩිල්ෂාන් මදුශංක, චාමික කරුණාරත්න.
එංගලන්ත කණ්ඩායම – ජොස් බට්ලර් (නායක), මොයින් අලී, ගුස් ඇට්කින්සන්, ජොනී බෙයාරස්ටෝ, සෑම් කරන්, ලියෑම් ලිවිංග්ස්ටන්, ඩේිඩ් මාලන්, අදෙල් රශීඩ්, ජෝ රූට්. ජේසන් රෝයි, බෙන් ස්ටොක්ස්, හැරී බෘෘක්, මාක් වුඩ්, බ්‍රයිඩන් කාස්, ක්‍රිස් වෝක්ස්.