ශ්‍රී පාලි මණ්ඩපයේ “තිරසාර සංවර්ධන අභිමතාර්ථ “කමිටුව (SDG)විසින් සංවිධානය කළ මේ ව්‍යාපෘතිය කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී.කරුණාරත්න සහ ශ්‍රීපාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළහ.
QR ක්‍රමය මඟින් ශ්‍රීපාලි පරිශ්‍රය තුළ ශාක හදුනාගැනීමේ මේ වැඩසටහන “හරිත ශ්‍රීපාලි තිරසාර අනාගතයක් කරා “ලෙස නම් කර තිබිණි .මේ වැඩසටහන යටතේ රෝපණය කළ සහ පරිශ්‍රයේ ඇති ශාක මේ QR ක්‍රමය මගින් හඳුනා ගැනීමට හැකි වීම විශේෂත්වයකි .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන අරමුණුවල( SDGs )13 සහ 15 වගන්ති වලට අනුව එම වගන්ති නියෝජනය වන පරිදි මේ වැඩසටහන ක්‍රියාත්මක වේ .මෙහි ප්‍රධාන දායකත්වය සම්පත් බැංකුව ,ශ්‍රී ලංකා යුනිලීවර් සමාගම ,සත්නිමා සංවිධානය සහ ලංකා සන්කුයික් ආයතනය එක්ව සිදුකරනු ලබයි.
තිරසාර සංවර්ධන අභිමතාර්ථ කමිටුවේ සාමාජිකයින් වන භාරකරු අජිත් රණසිංහ,අමිල ලොකු මාන්නගේ, නයනා සුරවීර, දමිත් ඉද්දමල්ගොඩ යන කථිකාචාර්යවරු සහ සාමාජික විද්‍යාර්ථීන් මෙය සංවිධානය කර තිබිණි .