ලොව පුරා සිටින බිලියන ගණනකක් පරිගණක හා ජංගම දුරකතන පරිශීලකයින් සෑම නිමේෂයකදීම සෙවීමට, සම්බන්ධ වීමට, වැඩ කිරීමට, ක්‍රීඩා කිරීමට සහ තවත් බොහෝ දේ සඳහා සෙවුම් යන්ත්‍රයක් ලෙස Google භාවිත කරයි.
ගූගල් පදනම 1997 වසරේදී ආරම්භ කෙරුණ ද, එය සමාගමක් ලෙස නිල වශයෙන් ආරම්භ කරන ලද්දේ, 1998 වසරේ සැප්තැම්බර් මස 27 වනදායි.
1997 වසරේදී ගූගල් සම නිර්මාතෘ සර්ගේ බ්‍රින්, ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ අතර, ලැරී පේජ් ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට අයැදුම් කර තිබුණා.
ඊළඟ වසරේ එනම් 1998 වසරේදී ඔවුන් දෙදෙනා එක්ව ගූගල් සෙවුම් යාන්ත්‍රණය නිර්මාණය කරණු ලැබුවා.
ඔවුන් දෙදෙනා සමාන දර්ශනයක් හා සිතුවිලි ඇත්තන් බව ඔවුන්ට ඉක්මනින්ම දැනගත් අතර ලෝක ව්‍යාප්ත වෙබ් ජාලයට වලට වඩාත් ඉක්මනින් හා පහසුවෙන් ප්‍රවේශ විය හැකි වඩා හොඳ සෙවුම් යන්ත්‍රයක් සඳහා මූලාකෘතියක් සංවර්ධනය කිරීමට මොවුන් දෙදෙනා ඔවුන්ගේ නේවාසික කාමරවල සිට නිදි වර්ජිතව වෙහෙස නොබලා වැඩ කරනවා.
ඔවුන් ඔවුන්ගේ ව්‍යාපෘතියේ කූඨප්රාප්තියට එළෙඹෙන විට කුලියට ගත් ගරාජයක තම කාර්යාලය Google Inc නමින් 1998 සැප්තැම්බර් 27 වන දින නිල වශයෙන් ආරම්භ කරන්නේ ලොව එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම මෘදුකාංගය තමන් බිහිකළ වග ලොවට හඬනගා කියමින්ය.
1998 වසරේ සිට අද වන විට බොහෝ වෙනස් වී තිබෙනවා අද ඩූඩල් හි පෙනෙන පරිදි ලාංඡනය ඇතුළුව Google වෙනස්කම් රැසක් සිදුවී තිබුනත් ඔවුනගේ මෙහෙවර එලෙසම අඛණ්ඩව පවතිනවා.
අද වන විට ලෝකයේ Google වලට අතරව තවත් බොහෝ සෙවුම් යන්ත්‍ර නිර්මාණය වී තිබුනත් තොරතුරු සංවිධානය කිරීම සහ එය විශ්වීය වශයෙන් ප්‍රවේශ විය හැකි සහ ලොව පුරා සිටින බිලියන ගණනක් වු පරිශීලකයින්ට සෙවීමට, සම්බන්ධ වීමට, වැඩ කිරීමට, ක්‍රීඩා කිරීමට සහ තවත් බොහෝ දේ සඳහා තවමත් ප්‍රමුඛතම සෙවුම් යන්ත්‍රය ලෙස බිලියන ගනනක් Google භාවිත කරනවා.
මානව වංශකතාවේ නවමු පරිච්ඡේදයක් සනිටුහන් කළ Google අතීත වර්තමාන හා අනාගත යන කාලත්රයම අතික්‍රමණය කරමින් තොටිල්ලේ සිට සුසානය දක්වා වු සකලවිධ මානව අවශ්‍යතා සපුරාලමින්, දිනෙන් දින යාවත්කාලීන වෙමින් සයිබර් අවකාශයේ සොඳුරු,කීකරු මෙහෙකරුවෙකු ලෙස ඔබළඟ හෙට දිනත් රැදෙනු නොවනු මානයි.