කොරියාවේ සෙමාවුල් පදනම මගින් නුවරඑළිය දිස්ත්‍රක්කයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත කාන්තාවන් සවිබල ගැන්වීමේ 05 අවුරුදු ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සමගාමීව සහභාගීත්ව වැඩසටහන් මාලාවක් පැවැත්වීම සදහා පැමිණි කොරියානු විශ්ව විද්‍යාල සිසුන් හා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා අතර හමුවක් මෙම මස (21) දා නුවරඑළිය දිස්ත්‍රක් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙම කොරියානු සිසුන් පිරිසට මුලින්ම නුවරඑළිය දිස්ත්‍රක්කය පිළිබඳව මූලික හැඳින්වීමක් ලබා දෙන ලදී. අනතුරුව සතියක කාලයක් තුළ ඔවුන් විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ක්‍රියාකාරකම් සම්බන්ධව එම සිසුන් විසින් දිස්ත්‍රික් ලේකම්වරයා දැණුම්වත් කරන ලදී.
මෙම අවස්ථාව සඳහා සෙමාවුල් පදනමේ ශ්‍රීලංකාවේ අධ්‍යක්ෂ චෝයිසන්, නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් සුජීවා බෝධිමාන්න, යන මහත්ම මහත්මීන් හා කැළණිය විශ්ව විද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ සිසුන් පිරිසක්ද එක්ව සිටිහය.
ගාමිණී බණ්ඩාර