අද(26) වැනි දින රාත්‍රියේ අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ පිහිටි සැනසුම නිවසේදී විචිත්‍ර ධර්ම කථික රාජකීය පණ්ඩිත දොඩම්පහල රාහුල ස්වාමීන් වහන්සේගේවැඩම වීමෙන් ධර්ම දේශනයක් පැවැත් වෙන අතර, පසු දින (27) සැනසුම නිවසේදී මහා සංඝරත්නය සියක් නමක් උදෙසා සංඝගත දක්ෂිණාවක් හා සපිරිකර පූජා කිරීමට නියමිතය.
අභාවප්‍රාප්ත බර්ටි දිසානායක මහතාට පුණ්‍ය අනුමෝදනා සිදු කරමින් ගත වූ පුරා වසර 09 ක කාළය තුළ වාර්ෂිකව සැප්තැම්බර් මස 26 දින ධර්ම දේශණයක් හා 27 , සංඝගත දක්ෂිණාවන් පූජා කිරීම සිදු කෙරිණි.ඊට අමතරව උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය බර්ටි දිසානායක මහතා දිවංගත වූ දින සිට සෑම මසකම 27 වැනි දින බර්ටි දිසානායක මහතාට පුන්‍ය අනුමෝදනා සිදු කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයන්හී ධර්ම දේශනාවන් 100 කට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වීය.එහිදී උපාසක උපාසිකාවන් සඳහා ගාථා පොත් පූජා කිරීම, බුද්ධ ප්‍රථිමා වහන්සේලා පූජා කිරීමද, ධර්ම ශ්‍රවණය සඳහා පැමිණෙන සැදැහැවතුන් සඳහා දන්සල් දීමද බර්ටි දිසානායක පදනම මගින් සිදු කෙරනු ලැබීය.
ඊට අමතරව අභාවප්‍රාප්ත බර්ටි දිසානායක මැතිතුමන්ට පුණ්යාණූමෝදනා සිදු කරමින් සාලියපුර වැඩිහිටි නිවාසයේ වාර්ෂිකව දානමය පුණ්‍ය කර්මයක් සිදු කිරිමද, අනුරාධපුර අභිමංසලේ අබාධිත රණවිරුවන් වෙත හා ළමා නිවාසයන්හී මවුපිය සෙනෙහස අහිමිව දිවි ගෙවන දරුවන්ට දිවා ආහාරය ලබා දීම, අනුරාධපුර බන්ධනාගාරයේ රැදවියන්ට දිවා ආහාරය ලබා දීම, පාසල් ළමුන් සඳහා අධ්‍යාපන උපකරණ ලබා දීම, අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන් සඳහා ජල පෙරණ ලබා දීම, ඇස් පෙනීම දුර්වල ලමුන් සඳහා නොමිලේ ඇස් කණ්නාඩි ලබා දීම, ආබාධිත පිරිස් සඳහා රෝද පුටු ලබා දීම, පා අහිමි වූ පිරිස් සඳහා කෘතීම පාද ලබා දීම, අඩුආදායම් ලාභි පවුල් සඳහා වියළි ආහාර මල්ලක් ලබා දීම, අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදී ලේ දන්දීමේ වැඩසටහන් පැවැත්වීම, පහන් පූජාවන් පැවැත්වීම, අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරා ගත් දිළිඳු පවුල් කීපයක් සඳහා අංග සම්පූර්ණ නිවාස ඉදි කර දීම ඇතුළු පිංකම් රැසක්ද පසුගිය වසර 09 තුළ සිදු කරනු ලැබීය.
උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන්ද, කැබිනට් අමාත්‍යයවරයකු , නියෝජ්‍යය අමාත්‍යයවරයකු ලෙසින්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දිගුකාලයක් සේවය කළ කෘතහස්ත දේශපාලඥයකු වූ බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා 2013 වර්ෂයේ සැප්තැම්බර් මස 27 වැනි දින අභාවප්‍රාප්ත විය.
1954 ජූලි මස 15 වැනි දින උපත ලැබූ බර්ටි දිසානායක මහතා අභාවප්‍රාප්ත වන විට 59 වැනි වියෙහි පසු විය.සිරිමාවෝ බංඩාරනායක මැතිනියගේ මග පෙන්වීම යටතේ බර්ටි දිසානායක මහතා 1972 වසරේදී ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වූයේ හබරණ නගර සභාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමිනි.1989 මහ මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසනය නියෝජනය කරමින් ඒ මහතා පාර්ලිමේන්තුවට තේරී පත්විය. සමාජ සේවා අමාත්‍ය ධුරය හා කර්මාන්ත නියෝජ්‍ය ඇමැති ධූරයද දරනු ලැබූ බර්ටි දිසානායක මහතා 1999 වසරේ සිට 2012 වසර දක්වා උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යයවරයා ලෙස තෙවරක්ම කටයුතු කළේය. බර්ටි පේ‍්‍රමලාල් මහතා සිව්දරු පියෙකි.
බර්ටි දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක ධූරය හොබවනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ පියාණන් වන්නේය.
තිසර