Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

උසස් පෙළ විභාගය මසකින් කල් යයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

2023 වර්ෂයේ පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගය මසකට වැඩි කාලයකින් කල් යනු ඇති බව විභාග දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මෙම විභාගය නොවැම්බර් මස 27 වැනිදා ආරම්භ කර දෙසැම්බර් මස 21 වැනිදා අවසන් වීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් සිසුන් විශාල පිරිසක් මෙම විභාගය කල් දමන ලෙසට ඉල්ලීම් කරන ලද අතර ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් මහජන නියෝජිතයන් ලෙස විභාගය කල් දමන්නැයි පාර්ලිමේන්තුවේ දී ද ඉල්ලීම් කරයි.

ඒ අනුව විභාගය පැවැත්වීමේ දින වකවානු තීරණය කිරීම විභාග දෙපාර්තමේන්තුව විසින් සාකච්ඡා කරමින් අවසන් එකඟතාවකට පැමිණීමට නියමිතයි.

මේ අතර බස්නාහිර පළාතේ පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු ශ්‍රේණියේ 3 පන්තියේ 1 (අ) ශ්‍රේණියට බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

2023 (අදියර II) සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබ ඇති බව සඳහන් වෙයි.

2023.09.22 දිනැති රජයේ ගැසට් පත්‍රවේ IV (අ) වැනි කොටසෙහි බඳවා ගැනීමේ නිවේදනය පළකර තිබේ.

අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2023.10.09 වෙයි.

Scroll to Top