හැටන් අධ්‍යාපන කලාපයට අයත්, මස්කෙළිය, සමන්එළිය මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 320 දෙනෙක් සඳහා පාවහන්, පාසල් බෑග් ඇතුළු උපකරණ නොමිලේ බෙදාදීමේ උත්සවයක් (19) දා එම පාසලේදී පැවැත්විණි.
මෙම උත්සවය මධ්‍යම පලාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
හැටන් අධ්‍යාපන කලාපයට අයත් දුෂ්කර පාසලක් වන මස්කෙළිය, සමන්එළිය මහා විද්‍යාලය මස්කෙළිය නඟරයේ පිහිටි එකම සිංහල මාධ්‍ය පාසල වේ. මෙහි 01 වන ශ්‍රේණියේ සිට උසස්පෙළ දක්වා පන්ති පැවැත්වේ.
ප්‍රදේශයේ තේ වතු හා දුෂ්කර ගම්මානවල පදිංචි ආර්ථික අපහසුතාවයන් මධ්‍යයේ ජීවත්වන සිසු සිසුවියන් 320 ක් දෙනා මෙම පාසලේ අධ්‍යාපනය හදාරති.
එස්.ඕ.එස්. (ශ්‍රී ලංකා) සංවිධානයේ අනුග්‍රහයෙන් මෙම පාවහන්, පාසල් බෑග් ඇතුළු පාසල් උපකරණ තොගය බෙදා දුන් අතර ඒ සඳහා රුපියල් මිලියන 04 ක මුදලක් වැය කළ බව එම සංවිධානයේ ව්‍යාපෘති අධ්යක්ෂ මුරලිදරන් කුමාර් මහතා පැවසීය.
මෙම සද් කාර්ය සඳහා සම්බන්ධීකරණ කටයුතු සිදු කර ඇත්තේ, ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ නුවරඑළිය දිස්ත්‍රික් විධායක නිලධාරි, සමන්එළිය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් සමන් චන්ද්‍රසිරි මහතා විසිනි.
මෙම අවස්ථාවට හැටන් කලාප අධ්‍යාපන අධ්යක්ෂ නිහාල් අලහකෝන්, එස්.ඕ.එස්. (ශ්‍රී ලංකා) සංවිධානයේ ව්‍යාපෘති අධ්යක්ෂ මුරලිදරන් කුමාර්, සමන්එළිය මහා විද්‍යාලයේ විදුහල්පති යූ.ජී.අරුණ ශාන්ත කුමාර, මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රධානි හා මිනිපේ ප්‍රාදේශිය සභාවේ ලේකම් නිමල් චන්ද්‍රසිරි මහවත්ත, ශ්‍රීලංකා රතු කුරුස සමාජයේ නුවරඑළිය දිස්ත්‍රික් විධායක නිලධාරි සමන් චන්ද්‍රසිරි, හැටන් ගේබ්‍රියල් බාලිකා විද්‍යාලයේ විදුහල්පති දයා වීරතුංග, මස්කෙළිය පොලිස්ථානාධිපති පුෂ්ප කුමාර යන මහත්ම මහත්මීන් හා දෙමව්පියන් රැසක් සහභාගී වූහ.
ගාමිණී බණ්ඩාර