Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

Nagrak බංගලාව

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බංගලාව ගැන හා යන විදිහ

Nagrak කියන්නේ නාන්පෙරිල් වතුයායේ බංගලාවක්.මේ වතුයාය පිහිටලා තියෙන්නේ බෙලිහුල් ඔයට කිට්ටුව. හරියටම කිව්වොත් ලෝකාන්තය බලන්න ගිහාම අපිට පල්ලෙහා පෙන තේ වත්ත තමයි මේක තියෙන්නෙ
කොළඹ බදුල්ල පාරේ බෙලිහුල්ඔය පහුකරලා කිලෝමීටර් කීපයක් ගියාම නාන්පෙරියල් වත්තට යන පාර හමුවෙනවා. දුෂ්කර වංගු 33 ක් ගෙවාගෙන කිලොමීටර් 22 ක් කන්ද උඩට ගියාම මේ අති සුන්දර බංගලාවට යන්න පුළුවන්. එතන හන්දියේ ඉඳලාම නගින්න තියෙන්නේ අර ලෝකාන්තයට පේන පල්ලම‍. හිතාගන්න පුළුවන්ද එතකොට කොහොම කන්දක් නගින්න තියෙනවාද කියල.

නැග්රක් කියන්නේ නොන්පෙරිල් වත්තේ Division එකක්, එකේ තමයි බංගලාව තියෙන්නේ..ඒ වගේම මේ හන්දියෙන් දකුණට එහෙම නැත්තන් Upper Division එක පැත්තට ගිහාම අපිට ලෝකාන්තය පහලට යන්න පුළුවන් යන ගමනේදි හමුවෙන තව සුන්දර තැනක් තමයි බේකර්ස් වංගුව කියන්නේ. මේ හරිය මුහුදු මට්ටමේ ඉඳලා අඩි 5000 ට වැඩිය උසයි. පහලින් පේන් සමනල වැව එක්ක ලංකාවේ දකුණු පළාත හරිම සුන්දර දර්ශණයක් මෙතනට.මෙතන ඉඳලා බැලුවම නැග්රැක් බංගලාව ලස්සනට පේනව.

පහලින් පේන් සමනල වැව එක්ක ලංකාවේ දකුණු පළාත හරිම සුන්දර දර්ශණයක් මෙතනට.මෙතන ඉඳලා බැලුවම නැග්රැක් බංගලාව ලස්සනට පේනව. ඇත්තටම කිව්වොත් මේ ගමනේ පවා පොඩි Adventure ගතියක් තියෙනවා.
කඳු මුදුනේ තනිවුන පාරාදීසය. නැත්තං නැග්රැක් බංගලාව.මේ බංගලාව 1936 හැදුවා කියලා විශ්වාස කරන්න පුළුවන් සාධක පිටිපස්සේ වතුර ටැංකියක තියෙනවා.

ඒත් ඒ ගැන කියවෙන වෙන මුකුත් සාධකයක් නෑ හොයාගන්න. කොහොම වුනත් මෙතනට ගියාම දැනෙන්නේ කඳු මුදුනක තෝතැන්නකට ළඟා වුනා වගේ. සීතල කාළගුණයට හරියන විදිහට හදපු බංගලාවේ උණුසුම ආරක්ෂා කරලා දෙන්න ගිණි උදුනක් තියෙනවා.ඒ විතරක් නෙවෙයි සුව පහසු කාමරවල නිවාඩුවේ සුවය උපරිම ආකාරයෙන් විඳින්න පහසුකම් තියෙනවා.මේ බංගලාවේ කාමර 5ක් තියෙනවා. කෙලින්ම 10 දෙනෙකුට නවතින්න පුළුවන්..

බංගලාවේ එළියට බැහැලා බැලුවම වටපිටාව ගැන වචනවලින් විස්තර කරන්න අමාරුයි ඒ තරමට සුන්දරයි.බංගලාවේ ගෙවත්ත හරි ලස්සනට මල් වවලා සකස් කරලා ‍තියෙන්නේ.එක පැත්තක බැලුම් හලක් තියෙනවා කන්දෙන් පල්ලෙහා බලන්න බෑවුම ආසන්නයේ පුංචි කුටියක් හදලා.තව එළිමහනේ ඉන්න කැමති අයට තවත් තැනක් සකස් කරලා තියෙනවා.යාලුවො කට්ටිය,ඔෆිස් එකේ අය,නෑදෑයො පවුලෙ අය එක්ක නිවාඩුවක් විවේකයක් ගත කරන්න නම් මේක නියම තැනක්.බංගලාවේ භාරකරු සහ කෝකියෝ දෙන්නා විතරයි ඉන්නේ. ආහාර හදාගන්න අවශ්‍ය දේවල් අරං යන්න වෙනවා.එහෙම අරං ගිහිං මේ කුක්ලට කියලා අවශ්‍ය දේවල් හදවා ගන්න පුළුවන්.

අනික් දැනගන්න ඕන කාරණාව තමයි මෙතන්ට ජංගම දුරකථන මුකුත් වැඩ කරන්නේ නැති එක. ලංකාබෙල් විතරක් වැඩ කරනවා අනිත් ඒවා මුකුත් නෑ.ඒ නිසා දවස තිස්සෙම කරදර කරන දුරකථනයෙන් ගැලවෙන්නත් මේක හොඳ තැනක්.

මෙහේ යනවා නම් කලින් කියලාම තමයි යන්න ඕන. මොකද කලිං බුක් කලේ නැත්තං අමාරුවේ වැටෙන්න වෙන්නේ.කොහොම වුනත් මෙහේ යන්න කලින් කාලගුණය බලන්නම වෙනවා. මොකද වැස්ස සහ සුළං තියෙනවා නම් මේ පැත්තට යන එක එච්චර ගුණදායක නෑ.

මීට වසර කීහිපයකට පෙර අරඹන ලද පාසල පිහිටියේ කන්ද නැගීම පටන් ගන්නා ඉසව්වටත් පෙරය. වත්තේ සියලුම දරු දැරියන් එම පාසලට යන අතර නැග්රැක් දරුවන්ට කි.මී. 12 ක් අතිශය දුෂ්කර කඳු නැගීමක් හා බැසීමක් මගින් පාසලට යා යුතුය. එම නිසාම එම දරුවන්ව පාසලේ නේවාසිකව නවතා ඇත්තේ දෙමාපියන්ට ගමනාගමන පහසුකම් හෝ පොදු ප්‍රවාහන පහසුකම් එම ස්ථානයට නොමැති නිසාවෙනි. පඹහින්න සිට නන්පේරියල් දක්වා එන ලංගම බස් රථය කඳු ගැටය නගින්නේ නැත. එමනිසාම නැග්රැක් ජනතාවට උදේ හවා තම දෛනික වුවමනා සඳහා අවම වශයෙන් කිලෝමීටර් 8ක් පමණ දැවැන්ත කඳුතරණයක්, බැසීමක් කළ යුතුමය. මාර්ගයේ සමහර ස්ථානවල කොන්ක්‍රීට් අතුරා තිබුණත් බොහෝ ස්ථාන දැඩි ලෙස අබලන්ය. ගල් පතුරු ගැලවී බොරුළු පිරි කටුක මාර්ගයකි. සමහර වැඩිහිටි උදවිය නිරුවත් දෙපයින්ම මෙම මාර්ගයේ ගමන් කරන අතර ඔවුන්ගේ ගතද හිතද ඒ දුෂ්කර බවට හොඳින් පදම් වී හමාරය.

තවද මෙම වත්තට තැපැල් හලක් නොමැති අතර සිල්ලර වෙළඳ සැල්ද අතලොස්සක් පමණක් දක්නට ලැබේ. ප්‍රදේශයේ තිබෙන එකම රෝහලත් ඇත්තේ කන්ද නැගීම ආසන්නයේ වන නිසා හදිසි රෝගියෙකුට වුව පෙර කී අබලන් මගේ ගමන් කළ යුතුමයි. මේ වන විට නිහ්චිත වෛද්‍යවරයෙකු ස්ථිර ලෙස එම රෝහලේ නොමැති අතර බොහෝ මහලු උදවියට හා ගැබිණි මවුවරුන්ට මුහුණ දිය යුතු රෝගී තත්ත්වයන්වලදී එම ජනතාව බොහෝ ලෙස පීඩා විඳිති. ප්‍රදේශයට ජලයෙන් අඩුවක් නොමැති අතර ඔවුන් එය ඉතා ක්‍රමවත් ලෙස ප්‍රයෝජනයට ගනු ලබයි. වැසි සමයට කූඩැල්ලන්ගෙන් පීඩා විදීම ඔවුනට අරුමයක් නොවූවත් ඉහළ කොටසේ සමහර ස්ථානවල ගැවසුනු බල්ලන්ව හෝර්ටන් තැන්නේ වෙසෙන දිවියන් දඩයම් කිරීම විටෙක ඔවුන්ට තර්ජනයක් වී ඇත. බොහෝවිට දිවියා මිනිසාට පහරදීමට නොපෙළඹුනත් ගවයන්, බල්ලන් වැනි ගෘහස්ථ සතුන් දඩයම් කරගෙන නැවතත් කැලයට පලා යයි.

මාර්ග දුෂ්කරතාවයත් ප්‍රවාහනය හා සෞඛ්‍යය යන මුලික වුවමනා කිහිපය නිසා නැග්රැක් වැසියන් පීඩාවට පත්වන අතර ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට රජයේ අවධානය ඔවුනට ලැබෙතැයි ඔවුන් අපේක්‍ෂා කරයි. මන්ද සදාකාලයටම තේ දළු අතර සැඟවී ඔවුන්ට ජීවත්විය නොහැක. පරිසරය අතිශය සුන්දර වූවත් ඔවුනට එහි කිසිඳු වගක් නැත්තේ ඔවුන්ගේ දිවි පෙවත එලෙස සුන්දර නැති නිසාවෙනි.

එම අසුන්දර බවේ තවත් පැතිකඩක් නම් නිවාස ප්‍රශ්නයයි. තවමත් අඩි 10 ං 10 ලැයිම් කාමරවල හිරවුණු ඔවුන්ට විදුලිය පිළිබඳ සිහිනයක් ඇස් ඉදිරියටම පැමිණ නැවතී සිටින්නේ දැනට වසරක පමණ කාලයක සිටය. පෙට්‍රල් මැෂිම, කුප්පිලාම්පුව මගින් රැය එළිය කර ගන්නා මොවුන්ට තවමත් විදුලිය ලැබී නැත. පහළ සමහර කොටස්වලට විදුලිය ලැබී ඇති අතර නැග්රැක් ජනතාවගේ නිවාස අසලටම විදුලි කණු ඇද තිබේ. පසුගිය රජය සමයේ එලෙස සිදුවු අතර තවමත් ඔවුන්ට විදුලිය ලබාදී නැත. වසර පහකින් පමණ නැවත ගෙවිය හැකි ලෙස සමෘද්ධි ණය මත අවශ්‍ය මුලික පදනම දමා ගත් මොවුන් විදුලි කණු දෙස බලා සිටින්නේ දුක් මුසුවෙනි.

විදුලිය ලබා ගැනීමට පවා මෙම ජනතාව ඉතා දැඩිලෙස කැපවී කණු, වයර් ඉහළට ගෙන ගොස් ඇති අතර වයර් හා කණු නිසිලෙස සිටුවාද තිබේ. නමුත් කෑලි කපන අඳුරත් මීදුමත් එළිය කිරීමට විදුලිය නොමැති වීම මොවුන්ට බලවත් ගැටළුවක් වී ඇත. රාත්‍රී කාලයේ පවතින අධික සීතලට එකට ගුලිවී පුංචි ඉඩෙහි නිදාගන්නා කම්කරු පවුල්වල නිවාස ඇතුළත පවා බොහෝ වෙනස්ය. මුළුතැන් ගෙය, නිදන කාමරය සියල්ලම එකම ප්‍රදේශයකි. වැඩිහිටියන්ගේ ගතේ සවියත් හිතේ ධෛර්යයත් නිසා මොවුන් මෙලෙස අඩි 7000 ක් උඩක සිට තම පවුල් ජීවිතය සාමකාමීව කරගෙන යයි.

අප යනෙන විට කුඩා ළමුන් බොහෝමයක් අප සිටි ස්ථානවලට පැමිණි අතර ඒ අහිංසක මුහුණ මත නැගුනු සිනාවට වඩා ඒ දෙනෙත් තුළ කියැවෙන ලොකු කථාවක් අප දුටුවෙමු. ඕනෑම විටක ඕනෑම කෙනෙකුට නොපැකිලිව උදව් කරන ඔවුන් හරකා බාන ඇතිකරමින් තම පාළුව කාන්සිය මකා දමයි. නැග්රැක් කොටසේ මාර්ගය පවා බොහෝ විට මීදුමෙන් වැසී පවතියි. මෙම ප්‍රදේශයේ ජනතාවට අනෙක් වැසියන්ට සේ පොදු පහසුකම් හිමිව නැති අතර මොවුන් එසේ යැයි කියා තම ජන්ම භූමිය අතහැර යාමට සුදානම් නැත. රටේ කොතැන හෝ ජීවත් වන පුරවැසියන්සේ මොවුන්ද මෙම ප්‍රදේශයේ සිටින්නේ ලංකාවේ විදේශ විනිමය උපයන තේ සඳහා දායක වෙමිනි.

මොවුන්ගේ තහඩු සෙවිලි කළ නිවස බොහෝ අබලන්ය. එක පොදියට පවුල් ගණනක් යාවුණු ලැයිම් කාමර පෙළේ වෙසෙන කොයි කවුරුත් එකිනෙකා සමග සුහදව කල් ගෙවයි. තාක්‍ෂණික නොහොඳින් වෙලී නොමැති මෙම ප්‍රදේශයේ පිරිස කෝවිල හා සබැඳි වත් පිළිවෙත් තුළින් යහපත් දිවි පෙවෙතක් ගත කරති. තවද තම ප්‍රදේශය ලස්සනට හා පිරිසිදුව තබා ගැනීමටත් මොවුන් නොපිරිහෙලා කටයුතු කරන බව අපට දක්නට ලැබුණි.

මේ කථාබහ අතරතුර අප ඉහළ කොටසේද සංචාරයක යෙදුනෙමු. සැබැවින්ම මොවුන්ගේ දිවි පෙවෙතේ කටුක බව විඳීමට නම් නගරයේ සැප කාමර වල සිටින උදවියට නොහැකි බව අප දුටුවෙමු. පරණ ලැයිම් කාමර පේළියේ සැමටම පොදු එළිමහනේ සැමටම නොහැකි බව අප දුටුවෙමු. පරණ ලැයිම් කාමර පේළියේ සැමටම පොදු එළිමහනේ සැමටම පොදු නාන පීල්ලයට දුෂ්කරව කල් ගෙවන මොවුන් එම දුක අප සමග බෙදාගත්තේ දැඩි අපේක්‍ෂාවකිනි. එනම් ඔවුන්ගේ ජීවිත වල යහපැවැත්ම උදෙසාත් ඔවුන්ගේ දරුවන්ට සුරක්‍ෂිත හෙට දවසක් උදා කරනු වස් උදෙසාත්ය.

මහා ලෝකාන්තයෙන් එබී බලන විට හරි අපූරුවට උග්ගල්දූව කොටස පෙනුනද ඔවුන්ගේ සැබෑ දුක දැනගැනීමට නම් නන්පේරියල් ආ යුතුමය. ලෝකාන්ත ප්‍රපාතයට යෑමට බොහෝ කාලයක් ගතවන අතර එහි තිබෙන අනතුරුදායක බවද වැඩිය.

කෙසේ හෝ අඩි 7000 ත් උඩ දිවි ගෙවන නැග්රැක් ගම්මානය අලංකාර වනුයේ නැග්රැක් බංගලාව නිසාවෙනි. නමුත් නිරන්තරයෙන් සොබාදහම සමග හරි හරියට හැප්පෙන ඔවුන්ට අව්ව වැස්ස හොඳහැටි පුරුදුය. අවසාන වශයෙන් අපටද සිතුනේ මෙම ප්‍රදේශයේ තිබෙන මාර්ග කොන්ක්‍රීට් කරදීමෙන් හා අතරමග නැවතුන විදුලිය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවූවහොත් නැග්රැක් මිනිසුන්ගේ මුවගටත් සිනහවක් එන බවය.

උදේ හවා ප්‍රධාන මං මාවත්වල රථ වාහන දකින ඔබ අපට රිසිසේ ආහාර පාන ගෘහස්ථ ද්‍රව්‍ය ලබා ගත හැකි වෙළඳසැල් බොහෝමයක් තිබෙන ඔබ අපට වඩා දවසේ පැය 24ම කඳු, දියඇළි හා සුදු මීදුම පමණක් දකින මිනිසුන්ගේ හා දරුවන්ගේ ජීවිතය කෙසේ විය හැකිද? නැග්රැක් බංගලාවට යන පිටස්තර පුද්ගලයන් හා ඔවුන්ගේ වාහන දකින විට ඔවුන්ටද සතුටු ය. මන්ද ඒවා කලාතුරකින් දකින නිසාවෙනි. ඔබ අපට සේම බෙලිහුල් ඔය වැසියන්ටද පොදු පහසුකම්, කාපට් ඇතිරූ සුපිරි මං මාවත් තිබෙන නමුත් අඩි 7000 ක් උසට කන්දක් නගින ජනතාවගේ සිතේ කෙතරම් ආශා තිබිය හැකිද? නිරුවත් දෙපයින් ඇවිදින විට කකුළේ හටගන්නා කරගැට තැලුම් රිදුම් පාසා ගෙවීයන ඔවුන්ගේ දුෂ්කර බව තුළ ඔවුන්ව සැමදා තැබිය යුතුද?

එසේනම් නැග්රැක් ජනතාවටත් ඔබ අප මෙන් සරල සාමාන්‍ය සමාජ රටාවක්, සමාජ වටපිටාවක් උරුම කර දිය යුතුය. මධ්‍යහ්න 12ටත් පොදියට කඳු වළල්ල වසාගෙන සිටින මීදුම මැද අප නිවෙස් බලා එන්නට පිටත් වීමු. ලිස්සන සුළු මාර්ගයේ නැවත පැමිණෙන විට අනතුරුදායක බව අධික වන අතර තිරිංග පද්ධතියේ ශක්තිමත් බව මෙහිදී ඔබටද වැටහෙනු ඇත.

තවත් දිනයක හිරිකටුඔය දිගේ නන්පේරියල් අඳුරු නිම්නය තුළින් තවමත් මිනිස් පය නොතැබූ ඉසව්වක් කරා යෑමේ අදිටනින් යුතුව අපේ ගමන නිමාවට පත් කළෙමු.

Nagrak Holiday Bungalow Nagrak Holiday Bungalow Nagrak Holiday Bungalow Nagrak Holiday Bungalow Nagrak Holiday Bungalow

මාර්ගය ටිකක් අබලන් නිසා ඒ සදහා සුදුසු වාහනයක ගමන් කරනවනම් පහසුවෙන්ම යන්න පුලුවන්
ඒ පැත්තෙ ගියොත් බලන්න පුලුවන් වෙනත් තැන්, (බලංගොඩ)

  •  ලෝකාන්තය
  •  බේකර්ස් බෙන්ඩ්
  •  තුබගොඩ මහ පන්සල (සුදර්ශනාරාමය)
  •  කන්දේ විහාරය (ශෛලතලාරාමය)
  •  අලුත්නුවර උග්ගල් දේවාලය
  • කූරගල
  •  පෙට්ටිගල
  •  දූවිලී ඇල්ල
  •  හාවාගල (හාගල)
  •  හුණුගල් පොකුණ
  • සබරගමු විශ්වවිද්‍යාලය
  •  සමනල වැව
  •  බෙලිහුල්ඔය
  •  බේකර්ස් බෙන්ඩ් (bakers bend)
  •  හිරිකටුඔය
  •  පහන්තුඩාව
  •  දෙතනගල
  • වංගෙඩිගල
  •  ඇල්ලේ වල
  •  වවුල්පනේ හුනුගල් ගුහාව
  •  දියවිනි ඇල්ල
  •  තනිඔය ඇල්ල
  • සුරතලි ඇල්ල
  •  දෙමළ ඇල්ල
  •  රජවක රක්ෂිතය (පුංචි මීමුරේ)
Scroll to Top