විශේෂයෙන් ලංකාවේ රිලවුන් මිලියන 3.6 සිටිනවා යැයි කියන්නේ පට්ටපල් බොරුවක්.අඩුම ගණනේ රිලව් කොපමන සිටිද යන්න තබා දහස් ගණනක් වන අලින් ඇතුන් කොපමණක් රට තුළ සිටීද යන්න වත් මෙම දේ දේශපාලනඥයින් දන්නේ නෑ යැයි,වැසි වනවනාන්තර සුරකින්නෝ පදනමේ ජයන්ත විජේසිංහ මහතා පවසයි.
ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද කීය.
රිලව් (toque macaque) පිටරට යැවීම සම්බන්ධයෙන්ව විශාල කතාබහක් පසුගියදා ශ්‍රී ලංකාව තුළ නේ නිර්මාණය වී ඇත්තේ කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කරන ලද ප්‍රකාශයක් මුල්කොටගෙනය.
කෙසේ නමුත් බැලූ බැල්මට මෙය ඡන්ද චන්දදායකයින් සහ ගොවියන් සතුටු කිරීම සඳහා කරන හුදු දේශපාලනික ප්‍රකාශයන් හැර වෙන කිසිවක් නොවේ.
රජයේ නොහැකියාව වසා ගැනීම වෙනුවෙන් රිලවුන් බිල්ලට ගැනීම් අප තේරුම් ගත යුතුය. ලංකාවේ කෘෂි කෘෂිකර්මාන්තය බිඳ වැටී ඇත්තේ නිසියාකාරයෙන් පොහොර සහ අදාල වල් සහ පළලිබෝධ පාලනය පිළිබඳ රජයට නිසි ක්‍රමවේදයක් නොතිබීම නිසාවෙනි.
ගොවියන්ට පොහොර ලබා දීමට සහ වාරි ජලය ලබා දීමට නොහැකි කෘෂි කෘෂිකර්මාන්ත ඇමතිවරුන් මෙන්ම 40% කට ආසන්න පසු අස්වනු හානිය ළක්වා ගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැති කෘෂිකර්මාන්ත ඇමතිවරුන් තම නොහැකියාව රිලවුන් වෙත පටවා ඇත.
රිලවාගෙන් සිදු වන්නේ පෙර අස්වනු හානියක් වන අතර එය බෝගයෙන් බෝගයට වෙන්ස් වන නමුත් රිලවුන්ගෙන් සිදු වන සම්පූර්ණ පෙර අස්වනු හානිය පසු අස්වනු හානිය 5% කටත් අඩු ය.
එසේනම් විසඳිය යුතු ගැටලුවේ අනුපිළිවෙල වන්නේ,කෘෂි කර්මාන්තයේ යෙදවුම්,පසු අස්වනු හානිය සහ වෙනත් හේතූන් නිසා සිදුවන පෙර අස්වනු හානිය වන අතර රිළවා ගෙන් සිදුවන පෙර අස්වනු හානිය ඒ සා විසා විශාල ගැටළුවක් නොවන නමුත් එයද විසඳිය යුතු ගැටලුවක් බව පරිසරවේදීන් සහ පරිසර සංවිධාන ලෙස අපගේ විශ්වාසයයි.
රිලවාගෙන් සිදුවන පෙර අස්වනු හානියට වඩා ඇති ගැටලුව වන්නේ ගෙවතු වගාවන්ට හා නිවාස තුළට පැමිණ කරන හානීන් වේ.කෙසේ නමුත් දේශපාලනඥයින් සහ සමහර වීද්‍යුත් මාධ්‍ය මගින් පෙන්වන්නෙ රිලවුන් සියලු වගාවන්ට හානි කරන බවයි. කෙසේ නමුත් රිලවුන්ගෙන් හානි සිදුවන ප්‍රදේශ සැලකීමේ වාණිජමය වශයෙන් සිදු සිදුකරන ලබන වගාවන්ට රිලවුන්ගෙන් වන හානිය ඉතාම අල්ප බව පෙනී ගොස් ඇත.
එසේම රිලා ගහනය වර්ධනය වී ඇති ආකාරය සැලකීමේදී රට පුරා විසිරී ඇති,ජනතාව අති විශාල වශයෙන් වන්දනාමාන කරන,දහස් ගණනින් පැමිණෙන පන්සල්,පූජනීය ස්ථාන අවට වූ ගම්මාන සහ කැලෑ තුල මෙම රිලවුන් ව්‍යාප්තවීම බහුල බව පෙනී ගොස් ඇත.එසේම මෑතක සිට එසේ පූජනීය ස්ථාන වල සිය දහස් ගණනින් බෝවී ඇති රිලවුන් අල්ලා රක්ෂිත සහ කෘෂිකාර්මික ප්‍රදේශ වල ගම්මාන වලට මුදා හරින බවට තොරතුරු ලැබී ඇත.
ලංකාවේ සුප්‍රසිද්ධම පන්සල් විශාල ප්‍රමාණයක් රිලවුන් බෝ කිරීමේ මධ්‍යස්ථාන බවට පත්වී ඇති අතර,එම් රිලවුන් බෝ කිරීමේ කාර්යය සිදු කරන්නේද රිලවුන් එපා කියන ගොවි ජනතාව ප්රමුඛ වන්දනාමාන කරුවන් විසිනි. වනාන්තර ගත්ව සිටි මෙම රිලවුන් පන්සල් සහ පූජනීය ස්ථාන අවට ආහාර බහුල කොට,මනුෂ්‍යයන්ගේ ආහාර රටාවට පුරුදු කිරීම සහ සිය දහස් ගණනින් බෝ කිරීමට අනුග්‍රහය අනුබල ලබාදුන් නේද වන ජීවීන් වන වඳුරන්ට සහ රිලවුන්ට ආහ් ආහාර ලබා දීම පුරුද්දක් කරගත් වන්දනා කරුවන් විසිනි.
මිනිසුන්ගේ ආහාර රටාවට සහ මිනිසුන්ට පුරුදු වුණු රිලවුන් ඈත පළාත්වලට හෝ වනාන්තර වලට මුදා හැරියද,බොහෝවිට ජනාවාස වලට,ගම්මාන වලට සහ කෘෂිකාර්මික භූමි වලට පැමිණෙන්නේ මෙකී ආහාර රටාවට පුරුදු වීම සහ මිනිසුන් විසින් කැවීම පෙවීම නිසාවෙන් ඇති කරගත් පුරුද්ද නිසා බව රිලවුන් එපායැයි දවල්ට TV වල කියා වන්දනාවේ හෝ සංචාරයේ ගොස් ආහාර වන සතුන්ට කවන හෝ කෑමට ඉතිරි කරඑන පොදු ජනතාව ම භාර ගත යුතුය.
ප්‍රශ්නයකට පහසුම තාවකාලික උත්තරය සොයනවා වෙනුවට,හේතුව සොයා ඊට පිළියම් යෙදීම ලංකාවේ නම් කොහෙත්ම සිදු වන්වන්නේ නැත.විශේෂයෙන් දේශපාලනඥයින්ගෙන් එය කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැක.එම නිසා රිලවුන් බෝවීමට හේතු සොයනවා වෙනුවට,බෝවෙන රිලවුන් රට පටවන්නට දඟලන්නේ කොමිස් ලැබෙන නිසාවෙනි.රිලවුන් වඳුරන් මෙන් ම අලි කොටි පවා ගමු ගම්මාන කරා පැමිනෙන්නට ප්‍රධාන හේතුව වී ඇත්තේ දැඩි වනාන්තර හායනය බවත් සිදු වී ඇති ආහාර සහ භූමිය අහිමි වීම් බවත් තේරුම් ගැනීමට අපහසු නොවේ.
ඉංග්‍රීසීන් රට හැර යන විට 50% කට ආසන්න ව පැවැති වනගහනය අද 17% කට අඩුවී ඇති අතර,දේශපාලනඥයින් මරා දෙන්නෙ ඉඳ හෙක්ටයාර ලක්ෂ 5ක් පමණ වනාන්තර පිටරට සමාගම් වලට හා දේශ දේශපාලන හිතවත්කම් ඇති දේශීය සමාගම් වලට විකිණීමට ය. එසේ වන වනාන්තර විකිණූ පසු ඒ තුළ ඉන්නා වූ අලි ඇතුන්, කොටින්,වඳුරන් මෙන් ම ඌරන්,ඉත්තෑවන්,සහ ගෝනුන් වැනි සතුන් ගම් වදින අතර,එසේ ගම්වැදීම නිසාවෙන් ගහනය වැඩි වී ඇති බවට සුපුරුදු බොරුව ප්‍රචාරය කිරීමටත්,එනිසා ගහන පාලනයට මෙම සතුන් දඩයම් කළ යුතු බවත්,එසේ නොමැති නම් පිටරට පැටවිය යුතු බවටත් නොයෙක් ප්‍රකාශ මේ වන විටත් සිදුකර ඇත.
රිලවුන්ගෙන් පටන්ගෙන මෙලෙස අතිරික්තයක් ඇතැයි කියා ඇලි ඇතුන්ගේ සිට සියලුම ආකාරයේ වනජීවීන් පිටරට පැටවීම සඳහා වන මූලික අඩිතාලම දැමීම රිලවුන්ගෙන් ආරම්භ කිරීම මේ ආත්මාර්ථකාමී දේශපාලනඥයින්ගේ තාවකාලික ලාභයයි.
කෘෂිකර්මයට රිලවුන්ගෙන් මෙන්ම අලින්ගෙන් ඌරන්ගෙන් වැනි සතුන්ගෙන් වන හානි ගැන කතා කරන එක දේශපාලනඥයකු හෝ වනා වනාන්තර මහා පරිමාණයෙන් එළි කිරීම සහ එම නිසා වන සතුන් ගම් වැදීම ගැන කිසිදු විටෙකත් කතා නොකරන අතර රිලවුන් බෝ කිරීමට මහා පරිමාණ පූජනීය ස්ථාන මඟින් සිදුකරන බව කිසිවිටෙකත් කියන්නේ නැත. වනසතුන්ගේ ගහනය කිසිසේත් වැඩි වී නොමැති අතර වනාන්තර අහිමි වීම නිසාවෙන් වන වනාන්තර තුළ සිටි වනසතුන් ගම්වැදීම පමනක් වැඩිවී වී ඇත.
එසේනම් විසඳිය යුත්තේ වන සතුන්ගේ වාසස්ථාන වන,වනාන්තර ආරක්ෂා කිරීම නොවේද ? මෙහිදී ඉස්මතු කොට දැක්විය යුතු වඩා වැදගත්ම කාරණය වන්නේ දේශපාලනඥයින් වනාන්තර විනාශ කරන අතර රිලවුන් විසින් වනාන්තර ප්‍රතිස්ථාපනය ට සහ ප්රතිනිර්මාණයයට වසුරු හරහා සහ බීජ ප්‍රචාරනය හරහා අති විශාල දායකත්වයක් දෙන බවයි.
එම නිසා රිලා ගැටළුවට ඇති හොඳම විසඳුම් වන්නේ පන්සල්වලින් රිලවුන් බෝවීම වැල වැළැක්වීමත්,දේශපාලන අනුග්‍රහයෙන් ඉතා වේගයෙන් සිදු වන රිලවුන්ගේ වාසභූමි වන වනාන්තර විනාශවීම වළක්වා ඔවුන්ගේ වාසස්ථාන වැඩිදියුණු කර දීමත්ය.
එසේ නොකරන තාක් කල් රිලවුන් පමණක් නොව අලි,කොටි,වලසුන් ගෝනුන් ඌරන් ඉත්තෑවන් පවා පිටරට පැටවීමට සිදුවනු ඇත.