Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශ්‍රී ලංකාව 2023 ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

cricket sri lanka schedule

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ 11 වැනි වරටත් අවසන් මහා තරගය නියෝජනය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අවස්ථාව හිමි කර ගත්තේ ය.

ඒ ප්‍රබල පකිස්ථානය සමග පැවැති තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුළු 2කින් ජය ගනිමින් ය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය නියමිත පන්දුවාර 42 අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 252ක්.

ඩක්වත් ලුවිස් න්‍යාය අනුව තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හිමිවූ ඉලක්කය පන්දුවාර 42කදී ලකුණු 252ක් ලබා ගැනීමයි.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42 අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයේ ප්‍රබල චරිතයක් වූ චරිත් අසලංක නොදැවී 49යි.

කුසල් මෙන්ඩිස් 91යි. හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක්ද සමග පන්දු 87කින් ලකුණු 91ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් දැවී ගියේ ඉෆ්තිකාර් අහමඩ්ගේ පන්දුවක් හමුවේ මොහොමඩ් හැරිස් අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

සධීර සමරවික්‍රම තම 6 වන එක්දින අර්ධ ශතකය අබියසට පැමිණ ලකුණු 48ක් ලබා සිටියදී දැවී ගියා. පැතුම් නිස්සංක 29යි. නායක දසුන් ශානක ලකුණු 2ක් ලබා සිටියදී දැවී ගියා.

මෙම ජයග්‍රහණය සමග ශ්‍රී ලංකාව ලබන 17 ඉරිදා ඉන්දියාව සමග අවසන් තරගයට තේරීපත්ව ඇත. පකිස්තානයට  පරාජය සමග තරගාවලියෙන් ඉවත්වීමට සිදුවන අතර බංගලිදේශයට තවත් තරගයක් ඉන්දියාව සමග පැවතියත් අවසන් තරගයට යාමට හැකියාවක් ලබනුයේ නැත.

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් තරගයට සුදුසුකම් ලබන්නේ 11 වන වතාවටය.

මහිෂ් තීක්ෂණ ස්කෑන් පරීක්ෂණයකට

ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක මහිෂ් තීක්ෂණ අද (15) දිනයේ ස්කෑන් පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ පාකිස්ථානය සමග ඊයේ පැවති තරගයේ පන්දු රකිමින් සිටියදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්.

පන්දු රකිමින් සිටි තීක්ෂණගේ දකුණු කලව ඇදීමකට ලක්වීමෙන් මෙලෙස අබාධයට ලක්ව තිබේ.

‘ලෝක කුසලානය’ ශ්‍රී ලංකාවේ සංචාරයක

ඉන්දියාවේදී ලබන ඔක්තෝමබර් මස 5 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතා කුසලානය මේ දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කරයි.

එම කුසලානය ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කෙන්ද්‍රස්ථානයන් වන කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථනයේ සහ වන් ගෝල් ෆේස් වෙළෙද සංකීර්ණයේ අද (14) දිනයේ ප්‍රදර්ශනය කරයි.

ආරම්භක පිතිකරු ගැටලුව විසඳගත යුතුයි – සංගක්කාර

ශ්‍රී ලංකාව එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලි අවසානයට පෙර කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය පිළිබඳ ගැටලුව විසඳාගත යුතු බව ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පවසයි.

මේ වනවිට කණ්ඩායම පිටියේදී දක්‍ෂතා අතර සිටින නමුත් ආරම්භක පිතිකරු ගැටලුව විසඳාගත යුතු බවයි.මෙහිදී සංගක්කාර වැඩිදුරටත් පැවසුවේ ලෝක කුසලානයට පෙර ඔවුන් සිය පිතිකරණ ස්ථානයේ ස්ථාවරත්වය රඳවාගත යුතු බවයි.

“ඔවුන් සාර්ථකව ලකුණු රැස්කරගත යුතු වගේම කොහොමද ක්‍රීඩා කරන්නේ කියලා තේරුම්ගත යුතුයි. වඩාත් තරගකාරිව තමන්ගේ පිතිකරණය පවත්වා ගන්න ඔවුන් ඉගෙනගතයුතුයි” මෙහිදී සංගක්කාර වැඩිදුරටත් පැවසීය.මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින තරගාවලිය තුළදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරණය අසාර්ථකත්වයක් පෙන්වීම කැපී පෙණින.

එහිදී ආරම්භක පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න හා පැතුම් නිශ්ශංක දෙදෙනාම පිතිකරණයෙහි අසාර්ථක වීම කැපී පෙණින.

එහිදී මේ දක්වා පැවති ඔවුන් දෙදෙනාටම කිසිදු අර්ධ ශතකයක්වත් වාර්තාකර ගත නොහැකි වූ අතර, ලකුණු ලබාගැනීමේ වේගයද අඩු මට්ටමක පැවතීම ශ්‍රී ලංකාවට ඉහළ ලකුණු පුවරුවකට ගමන් කිර්මට බලපෑම් එල්ල කළේය.

ලසිත් මාලිංගගෙන් අගය කිරීමක්

ඊයේ (14) පැවැත්වුණු ශ්‍රී ලංකා – පාකිස්තාන ක්‍රිකට් තරගය ක්‍රීඩා ලෝලින්ට මහත් වූ උද්‍යෝගයක් ඇති කළ තරගයක් බව නොරහසකි.

අවසන් පන්දුව දක්වා ඇදී ගිය තරගයේ ජයග්‍රාහී ලකුණ වාර්තා කළේ, චරිත් අසලංක විසිනි.

මෙම තියුණු ජයග්‍රහණය පිළිබඳ ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විසින් එක්ස් ජාලයේ පණිවිඩයක් සටහන් කර තිබිණි.

චරිත් අසලංකගේ ජයග්‍රාහී නිමාව ඔහු ‘අයිස් කූල්’ නිමාවක් ලෙස හඳුන්වා තිබේ.

කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ක්‍රීඩා විලාසයත් සදීර සමරවික්‍රමගේ මැද පෙළ සාර්ථක වීමත් ලසිත් මාලිංග විසින් අගය කර ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සිය සුබ පැතුම් එක් කරන ලසිත් මාලිංග, ලබන ඉරිදා (17) ඉන්දියාව සමඟ පැවැත්වෙන අවසාන මහා තරගයට සූදානම් වෙමු යනුවෙන් ද සඳහන් කරයි.

ශ්‍රී ලංකාව මෙවර ක්‍රීඩා කරන්නේ, සිය 12 වැනි ආසියානු කුසලාන අවසාන මහා තරගයයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ආසියානු කුසලානය 06 වතාවක් ජයග්‍රහණය කර ඇති අතර, ඉන්දියාව විසින් ආසියානු කුසලාන 07ක ශූරතාව හිමි කරගෙන තිබේ.

පාකිස්තානයට ආසියානු කුසලානයක පහස හිමි ව ඇත්තේ, වතාවල් දෙකක දී පමණක් වන අතර, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය හෝ වෙනත් කිසිදු රටක් මේ වන තෙක්ම ආසියානු කුසලානයක් දිනාගෙන නොමැත.

මෙවර ආසියානු කුසලානය ශ්‍රී ලංකාව ජය ගතහොත් දසුන් ශානක, ආසියානු කුසලාන දෙකක ශූරතාව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ එකම නායකයා ලෙස ඉතිහාසගත වනු ඇත.

දුනිත් වෙල්ලාලගේට ප්‍රවීන ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් මාලිංග විසින් ප්‍රශංසා

(12) පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දඟ පන්දු යවන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට ප්‍රවීන ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් මාලිංග විසින් ප්‍රශංසා කර තිබෙයි.

ඉන්දියාව හා ශ්‍රි ලංකාව අතර ඊයේ පැවැති තරඟයෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ වෙල්ලාලගේ විසින් ජාත්‍යන්තර මට්ටමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 05 දෙනෙකු දවා ගැනීමට සමත් විය.

මේ අතර දුලිත්ගේ හොඳම පිතිකරණය ද ඊයේ වාර්තා විය

ඒ අනුව දුනිත් වෙල්ලාලගේ ට දීප්තිමත් අනාගතයක් ඇති බවයි ලසිත් මාලිංග විසින් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රකාශ කර ඇත

ඉදිරි දශකයේ ලංකාවේ විශිෂ්ඨ ක්‍රීඩකයෙක් බවට වෙල්ලාලගේ පත්වන බවට ද ඔහු අනාවැකි පළ කර ඇත.

Scroll to Top