සංචාරක වෙබ් අඩවියක් වන බිග් සෙවන් ට්‍රැවල් වෙබ් අඩවිය සංචාරය කිරීමට ලොව හොඳම රටවල් 50 නම් කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ 13 වන ස්ථානයේ පසුවන අතර ස්පාඤ්ඤය, මැලේසියාව, මාලදිවයින, බාලී, ඉන්දුනීසියාව සහ සීශෙල්ස් යන රටවල්වලට ඉහළින් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම විශේෂත්වයකි.
2023 වසරේ දී සංචාරකයින් වෙනුවෙන් ඇති අවස්ථා සැලකිල්ලට ගනිමින් මෙම නම් කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.
රන්වන් වෙරළ, වන සතුගෙන් පොහොසත් වනාන්තර පද්ධතිය, මනස්කාන්ත තේ වතු සහ මීදුමෙන් වැසී ගිය කදු පන්ති සහ අනෙකුත් සංචාරක ආකර්ෂණය දිනා ගන්නා ස්ථාන පිළිබඳව මෙම වෙබ් අඩවිය කරුණු දක්වා තිබේ.
අදාළ වෙබ් අඩවිය සඳහන් කරන්නේ, මෙම දූපතේ සුන්දරත්වය හා භෞතික විවිධත්වය ගැන සංචාරකයින් මවිත වන බව ය.
ශ්‍රී ලංකාවේ සිව්වන උසම කදු මුදුන වන ශ්‍රී පාද කදු මුදුණේ සිට දකින දර්ශනය සිත් ඇදගන්නා සුළු එකක් බවත්, ඔබේ ශරීර යෝග්‍යතාවයට අනුව පැය 5-6 ඇතුළත ඔබටම මෙම ලෝක උරුම අඩයට පියනැගිය හැකි බවත් Travel Triangle වෙබ් අඩවිය සඳහන් කර තිබේ.
ඔබේ ජීවිතය යළි පණ ගන්වා ගැනීමට අවශ්‍යනම්, නැගෙනහිර වෙරළ තීරයේ සෙවන සහිත ස්ථානයක අසුන් ගෙන විටමින් ඩී ලබා ගන්න යනුවෙන් ද ඔවුන් ශ්‍රී ලංකාව පිළිබඳව සටහන් තබා තිබේ.
සංචාරකයින්ට මිත්‍රශීලි ආගන්තුක සත්කාර දැක්වීම සහ ප්‍රණීත ආහාර පාන සැපයීම සහ වෙරළේ සුන්දරත්වය මෙන්ම පෞරාණික නටඹුන් නැරඹීමේ හැකියාව ශ්‍රී ලංකාව තුළ පවතින බව අදාළ වෙබ් අඩවිය සඳහන් කර ඇත.