Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඉහල අගයකින් යුතු වර්ෂාපතනයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ගත වු පැය 24 ක කාලයක් තුල පසුගිය දිනයන්ට සාපෙක්ෂව සැලකිය යුතු වර්ෂාපතනයක් පතිත වු බව ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ උසස් නිලධාරියෙකු පැවසිය.

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට මිලිමිටර් 71 ක වර්ෂාපතනයක් පතිත වි ඇති බවත්, ඒ අනුව අඩි 120 උස මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටමට පිටාර මට්ටමට අඩි 51.3 දක්වා ඉහල ගොස් ඇති බවත්, කාසල්රි ජල පෝෂක ප්‍රදේශලට ගත වු පැය 24 ක කාලය තුල මිලිමිටර් 56 ක වර්ෂාපතනයක් පතිත වු බවත්, ඒ අනුව අඩි 150 ක උසකින් යුතු කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 36.5 දක්වා ඉහල ගොස් ඇති බවද එම නිලධාරියා පැවසිය.

තවද ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණ ප්‍රදේශවලට මිලිමිටර් 90 වර්ෂාපතනයක් පතිත වු බවත්, දැනට එම ජලාශවල තිබෙන ජල ධාරිතාවෙන් කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය අඛණ්ඩව සිදු කරන බවද එම නිලධාරියා පැවසිය.

sinhala wal kathalanka e news sinhala 24lanka e news sinhala 24lanka e news sinhala 24lanka e news sinhala 24lanka e news sinhala 24

lanka e news sinhala 24

Scroll to Top