Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

විනාඩි 10ක හාදුව කන් බෙරයෙන් ඉවරවෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වැලන්ටයින්ස්, එහෙමත් නැත්නම් ආදරවන්තයින්ගේ දිනය කියන්නේ අපේ රටෙත් අඩුවක් පාඩුවක් නැතුව සැමරෙන දවසක්නේ.

චොකලට්, රෝසමල් වගේ තෑගිබෝග හුවමාරු කරගනිමින් තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය එක්ක රෝමාන්තික දවසක් ගෙවන්න අපේ රටේ පෙම්වතුනුත් මේ දවස යොදාගන්නවා.

ලංකාවෙ පෙම්වතුනුත් සමහරක් දෙනා ආදරවන්තයින්ගේ දවස ගත කරන්න ආගමික ස්ථාන යොදාගන්නවා. හැබැයි චීනෙ පෙම්වතුන් ආදරවන්තයින්ගේ දවසෙදි යන ආගමික සිද්ධස්ථාන වල වෙනසක් තියනවා. ඒ තමයි ඒවා ආදරය වෙනුවෙන්ම නිර්මාණය වුණු දේවාල වීම.

යුවෙ ලාඕ කියන චීනයේ ආදරයට අධිපති දෙවියා අරක්ගත් මේ ආදර දේවාල වලට වැලන්ටයින් දවසේදි යන චීන පෙම්වතුන් තමන්ගේ ආදරය සර්වප්‍රකාරයෙන් සාර්ථක කරල දෙන්න කියල ඉල්ලනවලු.

ඒ විතරක් නෙමෙයි, තනිකඩ තරුණ තරුණියොත් තමන්ගේ ඉරණම්කාරයාව ඉක්මනටම මුණ ගස්සන්න දෙයියනේ කියල ඉල්ලන්න නොවැරදීම අගෝස්තු 22 වැනිදට මේ දේවාල වලට යනවලු.

ආදරවන්තයින් එකොනෙකාට හාදු දෙන එක සාමාන්‍ය සිදුවිමක් වුණත් එහෙම ආදරයට දුන්න හාදුවක් නිසා පෙම්වතෙකුට කන් නොඇසී ගියා කිව්වොත් ඔබ ඒ කතාව පිළිගන්නවාද…. ?

මේ කියන්න යන්නේ චීනයෙන් ඇසෙන ඒ වගේ කතාවක්….

චීන ජාතික පෙම්වතෙක් සිය පෙම්වතියට විනාඩි 10ක හාදුවක් ලබා දීමෙන් පසු වම් කන ඇසීම අහිමි වී තිබෙනවා.

චීන ජාතික පෙම්වතුන්ගේ දිනයේදී මෙය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුට මෙම හාදුව දෙන අවස්ථාවේදී තම වම් කනෙන් විශාල පිපිරීමේ හඬක් ඇසී ඇති බව සඳහන්.

ඉන් පසුව ඇති වූ වේදනාවත් සමඟම එම පෙම්වතා රෝහල් ගත කෙරුණු අතර සුවය ලැබීමට මාස 2ක කාලයක් ගතවන බවයි පවසා ඇත්තේ.

Scroll to Top