Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රාජ්‍ය අමාත්‍යවරුන්ට අමතරව නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසකුත් අද දිවුරුම් දෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පසුගිය සතියේ පත් කෙරුණු කැබිනට් අමාත්‍යවරුන්ට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් පමණක් පත් කෙරෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ඇමතිවරුන් දිවුරුම් දුන් උත්සවයේදී ප්‍රකාශ කළ ද නව ආණ්ඩුවේ නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන් අද (27) පෙරවරු 09.00ට ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවේ එම රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කරයි.

නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමෙන් අනතුරුව එම පත්විම් ප්‍රදානය සිදු කෙරෙන බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේදි අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වීමටද නියමිතයි.

මෙසේ දිවුරුම් දීමට නියමිත සම්පූර්ණ රාජ්‍ය – නියෝජ්‍ය ඇමතිවරුන් සංඛ්‍යාව නිශ්චිතව දැනගැනීමට නැතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි පෙළ මන්ත්‍රීවරුන් සියල්ලම පාහේ ඊට ඇතුළත් වනු ඇති බව සඳහන්.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව රාජ්‍ය, නියෝජ්‍ය හෝ කැබිනට් නොවන ඇමතිවරුන් 40ක් පත් කළ හැකිව තිබේ.

 

Scroll to Top