Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

2023 ආසියානු ක්‍රිකට් ශූරයින් සොයා යන සටන අද (30) ආරම්භ වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පකිස්ථානය සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරක්තවයෙන් පැවැත්වෙන 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පකිස්ථානයේදී අද (30) ආරම්භ වේ.

කණ්ඩායම් 6ක් එක්වන තරගාලිය A සහ B ලෙස කාණ්ඩ දෙකකින් ක්‍රියාත්මකයි.පකිස්ථානය, නේපාලය සහ ඉන්දියාව A කාණ්ඩයෙන් තරග කරනු ඇත.ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය තරග කරන්නේ B කාණ්ඩයෙනි.

ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය සහ නේපාලය මෙවර තරගාවලියට එක්වන්නේ සිය කුළුඳුල් ආසියානු කුසලාන තමන් සතු කර ගැනීමේ අපේක්ෂාවෙනි.

අද දිනයේ පළමු තරගය පකිස්ථානය සහ නේපාලය අතර පකිස්ථානයේ මුල්තාන්හිදී පැවැත්වේ.තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි TV1 නාලිකාව ඔස්සේ සියලු තරග ඔබට සජීව ලෙස නැරඹිය හැකියි.

ශ්‍රී ලංකා සංචිතයේ ආබාධියන්ට තරගාවලිය අහිමි වෙයි

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයෙන් වනිදු හසරංග සහ දුෂ්මන්ත චමීර ඇතුළු ප්‍රබල ක්‍රීඩකයන් සිව් දෙනෙක් ආබාධයන් හේතුවෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගත්තේය.

වේග පන්දු යවන්නන් වන ළහිරු කුමාර සහ ඩිල්ෂාන් මධුසංඛ ද සංචිතයෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා එක්දින සංචිතය:

දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස් (උපනායක), චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ, කසුන් රාජිත, දුෂාන් හේමන්ත, බිනුර ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන්.

 

news from sri lanka today

Scroll to Top