වවුනියාව, උක්කුලාන්කුලම හින්දු කෝවිලේ පැවති පූජා භාණ්ඩ වෙන්දේසිකදී එහි තිබූ අඹ ගෙඩියක් රුපියල් 162,000 ක මුදලකට වෙන්දෙසී වූ බව කෝවිල් භාරකාර මණ්ඩලය පවසයි.
කෝවිලේ වාර්ෂික දේව මංගල්‍යය වෙනුවෙන් මෙම වෙන්දේසිය (26) සවස පවත්වා තිබුණි.
අදාල වෙන්දේසියේදී මෙම අඹ ගොඩිය මිලට ගනු ලැබුවේ වවුනියාව, උක්කුලාන්කුලම ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රන් සින්දුජා නමැති කාන්තාවක් විසිනි.
උතුරු පළාතේ හින්දු කෝවිල්වල වාර්ෂික කෝවිල් උත්සව මේ දිනවල පවත්වනු ලබන අතර මීට පෙරද වවුනියාවේ හින්දු කෝවල්හි එක් අඹ ගෙඩියක් රුපියල් 95,000 ක මුදලකට සහ තවත් හින්දු කෝවිලක අඹ ගෙඩි 3 ක් රුපියල් ලක්ෂ 10 ක මුදලකට වෙන්දේසි වී තිබුණි.