මධ්‍යම කදුකරයට සති කීපයක් තිස්සේ පවතින දැඩි වියළි කාලගුණය නිසා ජල විදුලිබලාගාර ප්‍රධාන ජලාශවල ජල මට්ටම සීඝ්රයෙන් පහත බසිමින් පවති.
ජාතික ජලවිදුලිබල පද්ධතියට මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 49 ක් පහත බැස ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවෝ පැවසූහ.
ලක්ෂපාන ජලවිදුලිබලාගාර සංකීර්ණයට අයත්, ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන් හා පොල්පිටිය යන ප්‍රධාන ජලවිදුලිබලාගාර සඳහා ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ ජලාශයෙනි.
මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක