ආරක්ෂීත ගෘහ තුලභෝග වගා කරුවෝ පවසන්නේ රටට විදේශ විනිමය පවා ඉපැයිය හැකි ආරක්ෂිත ගෘහ තුල භෝග වගා ව්‍යාපෘති සදහා බලපා ඇති ගැටළු කිහිපයක් නිසා එම වගාවන් ඉදිරියට කරගෙන යෑමට නොහැකිව ගොවින් එම වගාවන්ගෙන් ඉවත් වීමට පටන් ගෙන ඇති බවයි.
ගොවින් පෙන්වා දෙන්නේ අවම වශයෙන් රුපියල් ලක්ෂ හතක් පමණ ආරක්ෂිත ගෘහයක් ඉදිකර ගැනීමට ගොවින්හට සිදුවන බවත් මෙම ආරක්ෂිත ගෘහ තුල නිෂ්පාදනය කරනු ලබන එළවළු අස්වනු විදේශීය වෙළද පොලවල් කරා වුවද අපනයනය කල හැකි බවයි.
ගොවින් කියා සිටින්නේ මේ වන විට මෙම ආරක්ෂිත ගෘහ තුල භෝග වගාවන්හි අස්වනු සදහා ඉතා ඉහල මිලක් ලැබෙන බවයි.
එසේ ඉහල මිලක් ලැබෙන්නේ බොහෝ ආරක්ෂිත ගෘහ තුල භෝග වගාවන් මයිටා ඇතුළු කෘමි හානි නිසා විනාශ වි යැම නිසා බවයි.
ගොවින් කියා සිටින්නේ පවතින වියළි කාලගුණ තත්වය හේතුවෙන් මයිටා උවදුර ඉතා සීග්‍රයෙන් පැතිර යන බව පවසන වෙළද පොලේ පවතින කෘමි නාශක යොදා මෙම රෝගය පාලනය කල නොහැකි බවයි.
එසේ වෙළදපොලේ ඇති කෘමිනාශකද මිලෙන් ඉතා අධික නිසා ඒවා ද ගොවින්ට මිලදී ගැනීමට අපහසු බවත් ගොවින් වැඩිදුරටත් පවසයි.
වෙළද පොලේ පවතින කෘෂි රසායන ද්‍රව්‍ය වල ප්‍රමිතිය හා ගුණාත්මක භාවය පිළිබදවද තමන්ට සැහිමකට පත්වීමට නොහැකි බවයි.
ගොවින් කියා සිටින්නේ වෙළද පොලේ රුපියල් 300 ත් 400 ත් අතර පැවති ආරක්ෂීත ගෘහතුල භෝග වගාවට යොදන පොහොර කිලෝවක මිල මේ වන විට රුපියල් 200 ක් දක්වා ඉහල ගොස් ඇති බවත් ඒ හා සමානවම බීජ හා අනෙකුත් යෙදවුම් වල මිලද ඉහල ගොස් ඇති බවයි.
ගොවින් තවදුරටත් සඳහන් කරන්නේ මෙවන් තත්වයක් තුල කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වහා මැදිහත්ව මෙම ආරක්ෂිත ගෘහතුල භෝග වගා ව්‍යාපෘති ආරක්ෂා කර ගැනීමට යම් වැඩපිළිවෙලක් සකස් නොකලහොත් ගොවින් එම වගාවන්ගෙන් ඉවත් වෙනු ඇති බවයි.