Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වියළි කාලගුණය සමඟ දරුවන් අතර ලෙඩ පැතිරීමේ අවදානමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දිවයිනේ පවතින වියළි කාළගුණ තත්ත්වයත් සමග ළමුන් අතර රෝග කිහිපයක් පැතිර යමින් පවතින බව වෛද්‍යවරු අවධාරණය කරති.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මේ පිළිබඳව කරුණු පැහැදිලි කර දෙයි.

ඔහු පැවසුවේ විජලනය වැනි රෝගී තත්ත්වයන් මේ දිනවල බහුලව දක්නට ලැබෙන බවයි.

එම නිසා ළමුන්ට වැඩිපුර දියර ආහාර පානය කිරීමට ලබාදිය යුතු බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.

වියළි කාලගුණ තත්ත්වයත් සමඟ පාචනය වැනි රෝග ද ළමුන් අතර පැතිර යා හැකි බව වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

Scroll to Top