මගි ප්‍රවාහන සේවයට නුසුදුසු තත්ත්වයෙන් ධාවනයට එක් කර තිබු පෞද්ගලික බස් රථ 07 ක් සහ ලංගම බස් රථයක් (17) දින සිට ධාවනයෙන් ඉවත් කිරිමට නුවරඑලිය දිස්ත්‍රික් මොටර් රථ පරික්ෂක ධමින්ද සේනානායක මහතා පියවර ගැණින.
හැටන් පොලිස් අධිකාරි එච්.එම්.එන්.දෙහිගම , සහකාර පොලිස් අධිකාරි 2 ප්‍රියන්ත වික්‍රමනායක යන මහතුන්ගේ උපදෙස් පරිදි ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ , ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.කන්නන් යන මහතුන්ගේ අධික්ෂණය යටතේ ගිනිගත්හේන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් සහ හැටන් පොලිස් කොට්ඨාශ රථ වාහන අංශයේ නිලධාරින් සහ නුවරඑලිය දිස්ත්‍රික් මොටර් රථ පරික්ෂකවරයා සමග එක්ව (17) දින ගිනිගත්හේන බස් නැවතුම්පොලේදි පාසල් ළමුන් සහ මගි ප්‍රවාහන ලංගම සහ පෞද්ගලික බස් රථ 48 ක් හදිසි පරික්ෂාවට ලක් කෙරිණ.
මෙම හදිසි පරික්ෂාවේදි නාවලපිටිය ගිනිගත්හේන මාර්ගයේ ධාවනයට එක් කර තිබු පෞද්ගලික බස් රථ 07 ක් සහ නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථයක් ඇතුළු බස් රථ 08 ක් මගි ප්‍රවාහනයට නුසුදුසු තත්ත්වයේ අඩුපාඩුකම් රැසක් සහිතව තිබු නිසා එම බස් රථ 08 අඩුපාඩුකම් දින 14 ක් තුල අලුත්වැඩියා කර යලිත් මොටර් රථ පරික්ෂකවරයාගේ අධික්ෂණයට යොමු කරන තෙක් එම බස් රථ වල අදායම් බලපත්‍රය මොටර් රථ පරික්ෂකවරයාගේ භාරයට ගැණින.
තවත් අතුරු මාර්ග කිහිපයකම ධාවනය කරන බස් රථ කිහිපයකම සවි කර තිබු අධික ශබ්ද සහිත නලා සහ මගින්ට අවහිර වන සේ සවි කර තිබු අමතර උපාංග ගලවා ඉවත් කිරිමට මොටර් රථ පරික්ෂකවරයා විසින් බස් රථ රියදුරන්ට උපදෙස් ලබාදි එම බස් රථ යලිත් ගිනිගත්හේන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින්ට සහ කොට්ඨාශ රථ වාහන අංශයේ නිලධාරින්ගේ අධික්ෂණයට දින 14 ක් ඇතුලත යොමු කරන තෙක් එම බස් රථ වලද අදායම් බලපත්‍රය පොලිස් භාරයට ගැණින.
මගින්ට ආරක්ෂිත ගුණාත්මක ප්‍රවාහන සේවයක් ලබාදිමේ අරමුණින් මෙම හදිසි පරික්ෂාව සිදු කල බවත්, මෙවැනි හදිසි පරික්ෂාවන් තම කොට්ඨාශය පුරා පොලිස් ස්ථාන කෙන්ද්‍ර කර ගනිමින් සිදු කරන බව හැටන් පොලිස් අධිකාරි එච්.එම්.එන්.දෙහිගම මහතා පැවසිය.
රංජි