ඉඟුරු කිලෝවක සිල්ලර මිල රුපියල් 2400 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉඟුරු තොග කිලෝවක් අලෙවි කෙරෙන්නේ රුපියල් 1100 ත් 1200 ත් අතර මිලකටයි.
සිල්ලර වෙළෙඳුන් ඉඟුරු වෙළෙඳාමෙන් අධික ලාභයක් උපයන බව තොග වෙළෙන්දෝ කියා සිටිති. මේ දිනවල ඉඟුරු අස්වැන්න අඩුනිසා මිල ඉහළ ගොස් ඇතැයි වෙළෙන්දෝ පවසති.
දේශීය කුළුබඩු පිළිබඳ සිහිගන්වන විට වැදගත් ස්ථානයක් ඉඟුරුවලට හිමි වෙයි. ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ නැංවිය හැකි මහගු ඖෂධයක් ලෙස ඉඟුරු ප්‍රමුඛස්ථානය උසුලන අතර කොවිඩ් 19 වැනි වසංගත රෝගවලින් ආරක්ෂා වීමට ද ඉඟුරු ආහාරයට හෝ පානයට එකතු කර ගැනීමට ආයුර්වේද වෛද්‍යවරු උපදෙස් දෙති. ආහාර රසගන්වන ස්භාවික කුළුබඩුවක් ලෙසත් විවිධ බෙහෙත් වර්ග සෑදීම සඳහා අවශ්‍ය ස්වභාවික ශාකසාරයක් ලෙසත් ඉඟුරු භාවිත වේ. මේ වන විටත් ලෝකය පුරා ප්‍රසිද්ධියක් උසුලන ඉඟුරු තේ පානයට බොහෝ දෙනෙක් හුරු වී සිටින්නේ වෙනත් කෘත්‍රිම පාන තුළින් අත්කර ගත නොහැකි නීරෝගි බව ඉඟුරු තුළින් ලබා ගත හැකි නිසාවෙනි. ශ්‍රී ලංකාවේ පහසුවෙන් වගා කළ හැකි ඉඟුරු තුළින් අත්කර ගත හැකි වාසි බොහොමය. ඒ අතර ආර්ථිකමය වශයෙන් මෙන්ම සෞඛ්‍යමය වශයෙන් වාසීන් රැසක් ලබා ගත හැකිය.
පිළිකා නැසීමේ ගුණයක් ඉඟුරුවල තියෙනවා. ශරීරයේ ඇති වන බොහෝ ලෙඩ රෝග ගණනාවකටම ඉඟුරු ඖෂධයක් ලෙස යොදා ගන්නවා. අමු ඉඟුරුවල අල ඖෂධයක් ලෙස භාවිතා කරයි. අමු ඉඟුරු සහ වියලි ඉඟුරු අතර ගුණ වෙනස් වෙයි. අමු ඉඟුරු පිත සමනය කරයි. බඩගිනි ඇති කරයි. ආහාර දිරවීම පහසු කරයි. හෘදයට හිතකර වෙයි. මලබද්ධය හා වමනය නැතිකර දමයි. ආහාර දිරවීම පහසු කරයි.
උදරාබාධවලදී අමු ඉඟුරු යුෂ මී පැණි සමඟ පානය කරීමෙන් සුවය ලැබෙයි. වේදනා නාශකයක් වන අමු ඉඟුරු අභ්‍යන්තර හා බාහිර වශයෙන් ගත හැකිය. ප්‍රතිශක්තිය වර්ධනය කරයි. රුධිරය පිරිසුදු කිරීමට උදව් වේ. අමු ඉඟුරු යුෂ හා දෙහි යුෂ මීපැණි සමඟින් මිශ්‍ර කර පානය කිරීමෙන් අජීරණය දුරු වේ. අමු ඉඟුරු සහ සුදු ලූණු ගෙන කෂාය කර බීමෙන් සිරුරේ වේදනාව අඩුවෙයි. අමු ඉඟුරු යුෂ ජනප්‍රිය පානයකි. එය රසවත්ය.
අමු ඉඟුරු දෙහි දමා ජින්ජර් බියර් ලෙසද වෙළෙඳපලේ දැකිය හැකි. පැරැණ්නෝ තම ගෙවත්තේ ඉගුරු පැලෑටියක් සිටුවා ගත්හ. රස කැවිලි අතර ඉගුරු දෝසි ඉතාම අගනා ප්‍රනීත රස කැවිල්ලක් ලෙස ශ්‍රී ලංකාවේ ප්රකටය. අමු ඉගුරු, නික කොළ සහ පාවට්ටා කොළ කොටා වණ්ඩුවේ තම්බා තැවීමෙන් මංශ පේෂි වේදනා අඩුවේ.
සෙම්ප්‍රතිශා උණට කොත්තමල්ලිවලට ඉඟුරු පෙති කිහිපයක් දමා තම්බා බීම සුදුසුය. ආහාර අරුචිය, මළ බද්ධය, කාන්තාවන්ගේ ඔසප් වේදනාව, හෘද රෝග, පෙනහලු ආශ්රිත රෝග, කොලෙස්ටරෝල්, උදර වේදනාව, වමනය, ඔක්කාරය, උණ රෝගය ආදී බොහෝ රෝග සුවය සඳහා ඉඟුරු භාවිත කරනවා.
* ආහාර අරුචිය ඇති විටකදී ඉඟුරු තැම්බූ වතුරට දෙහි ඇඹුල් ස්වල්පයක් දමා පානය කිරීම.
* අරළු, වියළි ඉඟුරු හා සහිඳ ලුණු තම්බා බීමෙන් ආහාර රුචිය වැඩිවේ.
* වියළි ඉඟුරු, කරපිංචා කොළ හා අරළු තම්බා බීමෙන් මළ බද්ධය හා උදරය පුරවා දැමීම වළකාලයි.
* වමනය ඇති අවස්ථාවකදී ඉඟුරු ඉස්ම මී පැණි සමඟ මිශ්‍ර කර පානය කිරීමෙන් වමනය නතර වෙයි.
* උණ රෝගය වැළඳී ඇති අවස්ථාවකදී ඉඟුරු හා කොත්තමල්ලී තම්බා පානය කිරීම ගුණදායකයි.
* අධි රුධිර පීඩනයෙන් පෙළෙන අයකුට නම් දිනපතා ඉඟුරු ඉස්ම තේ හැන්දක් මී පැණි තේ හැන්දක් සමඟ මිශ්‍ර කර පානය කිරීම සුදුසුයි.
* දිනකට එකවරක්වත් බොන තේ කෝප්පයටම ඉඟුරු ඉස්ම තේ හැන්දක් පමණ මිශ්‍ර කර පානය කිරීමද අධි රුධිර පීඩනයට ගුණදායකයි.
* තරුණ කාන්තාවන් අතර පවතින ඔසප් වේදනාව, 80 – 85 % ප්‍රමාණයකින් අඩු වීමට ඉඟුරු ඖෂධයක් ලෙස භාවිත කිරීම හේතු වෙලා තියෙනවා.
* ඉඟුරු තම්බාගත් වතුර අඬුකෝප්ප භාගයකට සීනි තේ හැන්දක් මිශ්‍ර කර පානය කිරීමෙන් එම වේදනාව ක්‍රමයෙන් අඩු වෙනවා.
* ඉඟුරු භාවිතය මඟින් ශරීරයේ ඇතිවන විවිධ වෙනස්කම් පාලනය කරනවා. තරුණ බව රැක ගැනීමට ඉතාමත් යෝග්‍ය වන ඉඟුරු සම රැලි වැටීම සහ සන්ධි රෝග ප්‍රමාද කරනවා.
දිනපතාම තම ආහාරයට හෝ තේ කෝප්පයට ඉඟුරු කැබැල්ලක් එක් කර ගැනීමෙන් තරුණ බව රැකගන්න පුළුවන්.
* හතිය, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග පවතීනම් ඉඟුරු, කරාබු නැටි, ගම්මිරිස් සමව ගෙන කුඩුකර එම කුඩු තේ හැඳි 1/2 පමණ දිනකට දෙවරක් උණුවතුරින් පානය කිරීම ඉතාමත් ගුණදායකයි.