ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට මුහුදු පතුලට යද්දී පිපිරී විනාශ වුණු ‘ඕෂන්ගේට් එක්ස්පෙඩිෂන්ස්’ නමැති ඇමෙරිකන් සමාගමේ ‘ටයිටන්’ නමැති කුඩා සබ්මැරීනයේ කොටස් මෙන්ම එහි ගමන් කළ පස් දෙනාගේ ශේෂයන් ද හමුවී ඇතැයි අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය තහවුරු කර තිබේ.
විදෙස් මාධ්‍ය පැවසුවේ කැනඩාවේ, නිව් ෆවුන්ඩ්ලන්ඩ් වෙත එම කොටස් රැගෙනවිත් ඇති බවයි.
සබ්මැරීනයේ සුන්බුන් ආසන්නයේ තිබී මිනිස් ශරීර කොටස් කිහිපයක් සොයාගෙන ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු වෛද්‍ය පර්යේෂකයින් පිරිසක් විසින් ඒ පිළිබඳ විධිමත් විශ්ලේෂණයක් ඉදිරියේදී සිදුකරනු ඇති බවයි අමෙරිකානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
ගමන ආරම්භ කර පැය දෙකකට ආසන්න කාලයකදී සබ්මැරීනය මව් නෞකාව සමඟ පැවති සබඳතා බිඳ වැටුණු අතර දින 05 ක් පුරා සිදුකළ මෙහෙයුම්වලදී අනාවරණ වුණේ එය පුපුරා විනාශවී ගොස් ඇති බවයි.
අනතුරත් සමඟ සබ්මැරීනයේ ගමන්ගත් පුද්ගලයින් පස්දෙනාම ජීවිතක්ෂයට පත්විය.මියගිය පිරිස අතර බ්‍රිතාන්‍ය හා පාකිස්තාන ජාතික ධනවතුන් වෙයි.ඔවුන් එම ගමන සඳහා එක් අයෙකු වැයකර තිබූ මුදල අමෙරිකානු ඩොලර් දෙලක්ෂ 50,000 කි.
ගිලී ඇති ටයිටැනික් නැවේ කොටස් නැරඹීමට ගොස් අනතුරට පත් ටයිටන් සබ්මසිබල් යාත්‍රාවේ ගමන්ගත් ළාබාලම පුද්ගලයා වූයේ 19 හැවිරිදි සුලේමාන් ඩාවුඩ් ය.
ඔහු මෙම ගමනට එකතු වී ඇත්තේ විශේෂ වාර්තාවක් තැබීමටය.ඔහු රූබික් කියුබය අඩු වේලාවකින් සැකසීමට සමත් පුද්ගලයෙකි. ඔහුට ඒ සඳහා සාමාන්‍යයෙන් තත්පර 20ක් පමණ ගතවෙයි.
19 හැවිරිදි සුලේමාන් ගේ අරමුණ වූයේ එය තත්පර 12කින් සකසා ගීනස් ලෝක වාර්තාවක් තැබීමය.එම අවස්ථාව වීඩියෝ කිරීම සඳහා ඔහුගේ පියා වන බිලියනපතියෙක් වන ශාෂාඩා, කැමරාවක් ද ටයිටන් ගමනට ගෙනවීත් තිබුණි.
ඒ බව හෙළිකළේ සුලේමාන් ගේ මව වන ක්‍රිස්ටීන් ය.
ඇය සහ දියණිය එම අනතුර සිදුවන විට ටයිටන් යාත්‍රාවේ උපකාරක නෞකාව වූ Polar Prince නෞකාවේ සිටි බව සඳහන් ය.