අද දිනයේදී ග්රහකයක් පෘථිවියට ආසන්නයෙන් ගමන් කරනා බව නාසා ආයතනය පවසයි.
එම ආයතනය වැඩිදුරටත් පවසන්නේ එම ග්‍රහකයේ විශ්කම්භය මීටර් 160 ක් පමණ වන බවය.
මේ අතර එය පෘථිවියට සැතපුම් මිලියනයක් ආසන්නයෙන් ගමන් කිරීමට නියමිත බවද අදාළ වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙයි.
එය පැයට සැතපුම් 26,000ක වේගයකින් ගමන්ගැනීමට නියමිතය.
පෘථිවියට ඉතාමත් සමීපයෙන් ගමන් කළත්, විද්‍යාඥයින් පුරෝකතනය කරන්නේ ඉන් කිසිදු හානියක් සිදුනොවනු ඇති බවය.