වාණිජ ගුවන් සේවා ඉතිහාසයේ විශාලතම ගුවන්යානා ඇණවුම ලබාදීමට ඉන්දීය ගුවන් සමාගමක් සමත් වෙයි.
ඒ ඉන්දියාවේ “IndiGo” සමාගම A320 එයාබස් 500ක් සඳහා ඇණවුම් කිරීමයි.
ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ ඊට අදාළ මිලදී ගැනීමේ ගිවිසුමට ඔවුන් එළඹී ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් නිවේදනය “පැරිස් ගුවන් ප්‍රදර්ශනය” ආරම්භක දිනයේදී නිකුත්කළේය. එම ඇණවුම ඩොලර් බිලියන 55ක වටිනාකමකින් යුත්තය.
ඒ සමගම “IndiGo” සමාගමේ ගුවන්යානා සංඛ්‍යාව 1,330ක් දක්වා ඉහළ යයි.
එම ගුවන්යානා 2030-35 අතර කාලසීමාවේදී “IndiGo” සමාගමට ලැබීමට නියමිතය.