Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කොළඹට පාරිසරික හා දේශගුණික සැලැස්මක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොළඹ නගරය උදෙසා පළමු වරට පාරිසරික හා දේශගුණික සැලැස්මක් සකස් කිරීමේ කටයුතු පරිසර අමාත්‍යාංශයේ සහය ඇතිව කොළඹ නගර සභාව විසින් ආරම්භ කර තිබේ.

කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන කියා සිටිය් එහි පළමු සාකච්ඡාව පරිසර අමාත්‍යාංශය සමග පැවැත්වූ බවයි.

මෙතෙක් කොළඹ නගරය සඳහා පාරිසරික හා දේශගුණික සැලැස්මක් නොතිබූ බව පෙන්වා දී ඇති කොළඹ සංවර්ධන කමිටු සභාපති යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා, මෙවැනි සැලැස්මක් මගින්, කොළඹ නගරයේ දිවා හා රාත්‍රී කාලයේ දී වාතාශ්‍රයේ ගුණාත්මක බව රැකගත හැකි බව ද පෙන්වා දී තිබේ.

නැවත කොළඹ නගරය, ආසියාවේ හරිත පුරවරය ලෙස දියුණු කිරීම කළ හැකි බවයි ඔහු සඳහන් කරයි.

කොළඹ නාගරික කොමසාරිස්වරිය සඳහන් කළේ, කැළණි නදියේ ජලයේ ගුණාත්මකභාවය, වෙරළ තීරයේ පාරිසරික පද්ධතිය සුරැකීම, කඩොලාන හා ජලජ ජීවින් ආරක්ෂක පද්ධතිය රැකගැනීම, වන ගහණය සහ වෘක්ෂලතා ආරක්ෂක විධිවිධානද මෙහිදී සලකා බැලෙන බවයි.

බේරේ වැව, ඇළමාර්ග හා කානු පද්ධති සෞඛ්‍ය සනීපාරක්ෂාව උසස් වන් අයුරින් කළමණාකරණය කරලීම, නගරයේ සනීපාරක්ෂාව, අලංකාරය හා ස්වභාවික උරුමයන් ආරක්ෂා කිරීමට ද, කොළඹ නගරයේ පාරිසරික හා දේශගුණික සැලැස්මෙන් ඉටු කරගත හැකි බව, භද්‍රානි ජයවර්ධන පවසයි.

Scroll to Top