ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගය ජයගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවසන් වටය සඳහා සුදුසුකම් ලබාගත්තා.
දැනටමත් අවසන් වටය සඳහා ගුජරාට් ටයිටන්ස්, චෙන්නායි සුපර් කිංග්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් යන කණ්ඩායම් සුදුසුකම් ලබා තිබෙනවා.
ගුජරාට් ටයිටන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර අවසන් වටයේ පළමු තරගය හෙට පැවැත්වෙන අතර, ඉන් ජයගන්නා කණ්ඩායම අයි.පී.එල්. අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇති.
පසුව අනිද්දා අවසන් වටයට සුදුසුකම් ලැබූ ලක්නව් සුපර් ජයන්ට්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් තරග වදින අතර, ඉන් ජයගන්නා කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායම සමඟ තරග වැදිය යුතු වනවා. අනතුරුවයි ඉන් ජයගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට එක්වන්නේ.