අතුරු වගා, බුලත් පරීක්ෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ප්‍රවීනා දිසානායක පවසන්නේ බුලත්කොළ යොදා ගනිමින් ටොෆි නිෂ්පාදනය කිරීමට හැකියාව පවතින බවයි.
බුලත් යොදා ගනිමින් අගය එකතු කළ නිෂ්පාදන හඳුන්වා දීමට සිදුකළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස බුලත් ටොෆී නිෂ්පාදනය කිරීමේ පර්යේෂණ සාර්ථක වී ඇති අතර හුනු සහ දුම්කොළ සමග බුලත් විට හැපීමට පුරුදුව සිටින පුද්ගලයන්ට එයට ආදේශකයක් ලෙසද වෙළෙඳපොළේ ඇති අධික සීනි සහ ආහාර වර්ණක යෙදූ ටොෆී වර්ග වෙනුවට කුඩා දරුවන්ට ලබා දිය හැකි ටොෆි වර්ගයක් ලෙසද මෙය හඳුන්වා දී ඇති බවට වාර්තා වෙයි.
බුලත් නිස්සාරණය කර ලබාගන්නා තෙල්, සීනි, ග්ලූකෝස් සහ වතුර වැනි ද්‍රව්‍ය කිහිපයක් යොදා ගනිමින් මෙය නිෂ්පාදනය කළ හැකි බවත්, දියවැඩියාව සහ කොලෙස්ටරෝල් මෙන්ම පිළිකා වැළැක්වීමේ ගුණයක් බුලත්වලට පවතින බැවින් මෙම ටොෆි භාවිතයෙන් සෞඛ්‍යමය වාසිද පවතින බව අධ්‍යක්ෂවරිය සඳහන් කරයි.
සීනි සහ ජලය යොදා මදගින්නේ හැඳිගාමින් සීනි හොඳින් දියකර ගත් පසු ග්ලූකෝස් එක්කර එම මිශ්‍රණය නූල් ඇදෙන පදමට පත් වූ පසු සෙට්‍රික් ඇසිඩ් සහ නිස්සාරණය කරගත් බුලත් තෙල් යොදා මිශ්‍ර කර ටොෆි අච්චුවක දමා නිවුණු පසු ටොෆි කොළවල එතීම කළ හැකි බවයි අධ්‍යක්ෂවරිය පවසයි.
අමුද්‍රව්‍ය කීපයක් භාවිත කර අවම වේලාවකින් සැකසිය හැකි බැවින් මෙය ස්වයං රැකියාවක් ලෙස ඕනෑම අයකුට කළ හැකි බවත්, ඒ සඳහා උනන්දුවක් දක්වන්නේ නම් තම ආයතනය හරහා අවශ්‍ය දැනුම සහ පුහුණුව දීමට හැකි බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරයි.