කොළඹ නගර සංවර්ධන ව්‍යාපෘතියක් හේතුවෙන් පෙරවරු 9 සිට පැය 24 ක කාලයක් කොළඹ නගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව කොලොන්නාව නගර සභා බල ප්‍රදේශය, රාජගිරිය,මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, කොස්වත්ත සහ රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා මාර්ගය සහ ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ග ආශ්රිත ප්‍රදේශවල අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත.