මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත තද වැසි, රථ වාහන ධාවනයේදි සැලකිලිමත් වන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලයි.
නෝටන්බ්‍රිජ් ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු ගිගුරුම් සහිත තද වැසි හේතුවෙන් නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය දෙකක පමණ කාලයක් සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණි.
නෝටන්බ්‍රිජ් නගරයට ආසන්නයෙන් පස් කන්ද කඩා වැටුණු බවත්, එසේ කඩා වැටුණු පස් කන්ද නෝටන්බ්‍රිජ් යුධ හමුදා කදවුරේ භට පිරිස් , නෝටන්බ්‍රිජ් පොලිසියේ නිලධාරින් , ප්‍රදේශවාසින් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් එක්ව ඉවත් කිරිමෙන් අනතුරුව එම මාර්ගයේ රථ වාහන ධාවනය යලි යථා තත්ත්වයට පත් විය.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට දිනපතා පස්වරු කාලයේ ගිගුරුම් සහිත තද වැසි පතිත වන නිසා හැටන් නුවරඑලිය , හැටන් කොළඹ , නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගය සහ අතුරු මාර්ග වලට පස් කදු කඩා වැටිමේ අවධානමක් පවතින නිසා එම මාර්ග වල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි එච්.එම්.එන්.දෙහිගම මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
රංජිත්