ග්‍රීසියේ පැවති ලෝක පාසල් චෙස් තරගාවලියේ වයස අවුරුදු 9න් පහළ බාලක රන් පදක්කම කොළඹ ආනන්ද විද්‍යාලයේ රිත්මික තෙහස් කිරින්ගොඩ විසින් දිනාගෙන තිබෙනවා.
ඒ අනුව ඔහු මුහුණ දුන් තරග වට 9න් ලකුණු 7.5ක් ලබා ගනිමින් ශූරතාව දිනාගෙන තිබුණා.
මෙම තරගය සඳහා රටවල් 23ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 61ක් සහභාගී වී තිබෙනවා.
තරගාවලියේ දෙවෙනි සහ තෙවෙනි ස්ථාන කසකස්තාන සිසුන් දෙදෙනෙකු දිනා ගැනීමට සමත්වුණා.
මෙහිදී පළමු ස්ථානය සහ දෙවන ස්ථානය අතර ලකුණු පරතරට භාගයක් වීම විශේෂත්වයක්.