නිරිත දිගට ගිය අත්තේ පලා ඇවිද කටු අත්තේ
නැත සපු මල ඒ අත්තේ කියම් පතිනි සඳ නිත්තේ
අහස දෙසට ගිය අත්තේ බලා ඇවිද රතු අත්තේ
ඇත සපුමල ඒ අත්තේ කියන් පතිනි සඳ නිත්තේ
ගමට රටට සශ්‍රිකත්වය පතමින් කොත්මලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පුඬළුඔය, මඩකුඹුර වෙල්යායෙදී ඉකුත් 18 දවස පුරා අං ඇඳීමේ උත්සවයක් පැවැත් විය.සති කීපයකට පෙර සුබමුර්තියෙන් කප් සිටුවා පේවී මෙම සංස්කෘතික ක්‍රිඩාව හෙවත් පුජාව පත්වනු ලැබීය.
ඉපැරණි ඓතිහාසික ජනශුතියට අනුව පත්තිනී දේවිය හා පාළඟ කුමරු ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වන වකවානුවේ දිය නෑමට ගිය අවස්ථාවක සපු මලක් දුටු බවත්, උස් ස්ථානයක පිහිටි එම මල නෙලීමට ගත් උත්සහයක දී භාවිතා කළ කෙකි දෙක පැටලී පාළඟ කුමරුගේ කෙක්ක කැඩියාමත් සමග ඇතිවු කෝපය නිමිති කරගෙන මෙම තරඟය ආරම්භ වු බව ජනප්රවාදයේ සඳහන් වේ. ඒ අනුව පාළඟ කුමරුගේ පිරිවර උඩු පිල වශයෙන් ද, පත්තිනි දේවියගේ පිරිස යටි පිල වශයෙන්ද ක්‍රිඩා කරමින් තරඟ වදිනු ඇත.
මේ සදහා අං හේවත් අඟ ලෙස ගන්නා ශක්තිමත් ලී දඩු විශේෂයක් භාවිතා කරන අතර ඒ සදහා සඳුන්
,ගැට කහ ,කරඳ ,අන්දර ,පිහිබිය මුල් ආදිය යොදා ගැනේ.එම අන්දර දඩු කපා ගැනීම තිස්සමහාරාම හා කතරගම ප්‍රදේශ වලින්ද, කරඳ දඩු ගිනිගත්හේන කලුකැලේ ප්‍රදේශවල ද, පිහිඹිය මුල් මාවත්තේ හා වරල් මඩ කුඹුර කන්ද ප්‍රදේශයෙන් ද ලබා ගැනීම ඉතිහාසයේ සිට සිදු කළ බව මඩකුඹුර වැඩිහිටි ගම් වැසියෝ පැවසූහ.
නැකතට පේ වී වතාවත් රැසක නිරතවීමෙන් පසුව යොදාගත් දිනයක අස්වනු නෙලා අවසන් වු කුඹුරු යායක අං ඇදීම සිදු කෙරේ .අං ඇඳීමට පෙර අං බැඳීම සිදු කරන අතර ඒ සදහා තෝරාගත් ලි දඩු රහසිගතව කතිරයක් ලෙස බැඳ හේවිසි බෙර වාදනය සමගින් අංකෙළි භුමියට රැගෙන එනු ඇත .එම වස්ථාවේ දේපාර්ශවය අතර විවිධ තර්ක විතර්ක හා වාචික හැල හැප්පිම් සහ බාධා කිරිම් මැද අං දෙක එකිනෙක ගැට ගසනු ලැබේ.එයින් එක අගක් උඩු පිලේ කණුවක ගැට ගැසා තිබෙන ලණුවක ද අනෙක යටිපිලට අයත් කණුවේ ගැට ගසා තිබෙන ලණුව ද සම්බන්ධ කරමින් දෙපාර්ශවයේ අං ඒකිනෙක හරහා සම්බන්ධ වන සේ ගැයගසනු ලැබේ. පසුව ඔල්වරසන් දෙමින් අඩි 28ක් පමණ උසින් යුතු චලනය වන කණුව පිරිස් වශයෙන් එක්ව ඇදිමකට ලක්කෙරේ .එම ඇදීම හමුවේ එක පිලක අගක් කැඩි යන අතර එම පිල පරාජය වන අතර හානි නොවු අඟ අයත් පිරිස ට ජයග්‍රහණය හිමිවේ.
ඇතැම් අවස්ථාවල අඟක් එකවරම කැඩි නොයේ ඉතිහාසයේ මේ ආකාරයේ අං ඇදීම් දින හතක් වැනි කාලයක් දක්වා පවත්වනු ලැබ තිබේ .
වත්මන් සමාජයෙන් ඈත්ව යමින් තිබෙන මෙම ජන ක්‍රිඩාව සදහා විවිධ හේතු බලපාන බව පවසන ජනතිව ඒ සදහා ඇති විශේෂ බාධකයක් ලස අං කපා ගැනිම ගැටළුවක් වී ඇති බව පවසන අතර දැනට භාව්තා කරනුයේ වසර 100 කටත් වඩා පැරණි අං බවද පවසති.ඒවා දැන් දිරිපත්වෙමින් තිබෙන නිසා මම ක්‍රිඩාව ඉදිරියටත් පවත්වාගන යාමට වනාන්තර වලට හානියකින් තොරව ක්‍රිඩාව සදහා අවශ්‍ය අං කපා ගැනිම සදහා ක්‍රමවේදයක් සලසා දිමට වගකිවයුතු බලධාරින්ගේ අවධානය යොමු කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.
මඩකුඹුරගම මෙවර අං ඇදිම වසර 20 ට වැඩි කාලයකින් පසුව සිදු කළ අතර මඩකුඹුර ශ්‍රි කල්ලකෙත්තාරාමාධිපති වෙලගම චන්දානන්ද හාමුදුරුවන්ගේ අනුශාසනා පරාදි ගම්වාසින් එක්ව මඩකුඹුර,රාවණාගොඩ,පුඩළුඔය ,විජයබාහු කන්ද.මහවැලිගම .කොත්මලේ ආදි ප්‍රදෙශවාසින් හා කොත්මලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් රැසකගේ සහයෝගයෙන් ගම්වාසින් එක්ව සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවේ ඇති විශේෂත්වය නිසාම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්යවෙන් 50 ක් , ආචාර්ය මණ්ඩලයත් පැමිණ එම අවස්ථාව නිරික්ෂණය කළ අතර එමගින් ඉදිරියේ දී මෙම ඓතිහාසික ක්‍රිඩා හා චාරිත්‍ර සංරක්ෂණය කිරිමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරිමට ද සැලසුම් කර තිබේ.
සටහන හා ඡායාරූප-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක