Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රූකඩ කලාව නගා සිටුවීමට මේ අවැසි කාලයි : බලධාරිනී ඔබේ අවධානය පිණිසයි…!

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සම්ප්‍රදායික ජනකලා උරුමයන් අතර කැපී පෙනෙන රූකඩ කලාව ලංකාවේ ගැමි නාට්‍ය කලාවක් ලෙස ද අතිශය ප්‍රචලිත වූ සංස්කෘතික අංගයක්.

එය මේ වනවිට සංස්කෘතික උරුමයක් සේම වර්තමානයේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා පාදක කරගන්නා ප්‍රසංගික කලාවක් ලෙසට ද ජනප්‍රිය වී තිබෙනවා.

පපට්ස් ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වන රූකඩ කලාවට ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධියක් උසුලන්නේ දකුණු පළාතට අයත් අම්බලන්ගොඩ නගරයටයි.

දකුණු ඉන්දීය කලාවෙන් ආභාසය ලබමින් රූකඩ කලාව මෙරටට තිළිණ වී ඇති අතර එය ශ්‍රී ලංකාව වැළඳගෙන ද වසර 300කට අධික වනවා.

නාට්‍ය කලාවක් ලෙසින් ද පිළිගැනෙන රූකඩ කලාව සමරන දිනය පසුගිය 21 වැනිදින යෙදී තිබුණේ ද ලෝක රූකඩ දිනය සිහිපත් කරමින් වීම ද විශේෂත්වයක්.

ලංකාවේ සම්ප්‍රදායික රූකඩ නාට්‍ය කලාව අම්බලන්ගොඩ සහ බලපිටිය ප්‍රදේශයන්හි දී උත්පත්තිය ලැබූ බවට පිළිගැනෙන අතර මෙහි පුරෝගාමියා ලෙස සැලකෙන්නේ කන්දෙගොඩ විසූ පොඩිසිරිනා ගුරුන්නාසේ බවට රූකඩ කලාවේ ප්‍රවීණයින්ගේ විශ්වාසයයි.

නූල් රූකඩ, රිටි රූකඩ, සෙවණැලි රූකඩ , අත් රූකඩ හා ඇඟිලි රූකඩ යනුවෙන් රූකඩ වර්ග ඇති අතර මේ වනවිට වැඩි වශයෙන් භාවිතයේ පවතින්නේ නූල් රූකඩ කලාවයි.

එහෙත් මේ වනවිට රූකඩ නිර්මාණ ශිල්පීන් මෙන්ම රූකඩ කලාව පාරම්පරිකව සිදු කරන්නන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වී ඇත්තේ රූකඩ නිර්මාණය සඳහා භාවිත කරනු ලබන අමුද්‍රව්‍ය හිඟවීමත්, පවතින අමුද්‍රව්‍ය මිලෙන් අධික වීමත්, රූකඩ නිර්මාණයට වැයවන පිරිවැය සපුරා ගැනීමට හෝ නිසි රාජ්‍ය අනුග්‍රහයක් රූකඩ කලාවේ ප්‍රගමනය සඳහා හිමිනොවීමයි.

දේශීය සංස්කෘතිය පිරිහෙමින් පවතින බවට ඇති තවත් ප්‍රබල සාක්ෂියක් ලෙසට හුවා දැක්විය හැක්කේ රූකඩ නිර්මාණය කිරීම සඳහා භාවිත කරන දැවමය ශාක කඳන් වන කඳුරු හෝ රුක් අත්තන සොයාගැනීමට ඇති අපහසුතාවයි.

කඳුරු ශාකය තිබුණ ද, එය පාරිසරික අණපනත් පැනවීම හේතුවෙන් කැපීමේ නීතිමය අවසරයක් අහිමි කර ඇත්තේ රටේ සංවර්ධනයට අත්‍යවශ්‍යම සාධකයක් වන සංස්කෘතික වර්ධනයට රජයෙන් වැරෙන් පහරක් එල්ල කරමිනි.

රූකඩ ප්‍රසංගික උලෙළක දී නූල් රූකඩ නර්තනයේ යෙදවීම පමණක් නොව, ඊට අවශ්‍ය ඇඳුම් ආයිත්තම් එක් කිරීම, සංවාද, සංගීතය යෙදීම, වේදිකා සැරසිලි ආදියට ද නිර්මාණ ශිල්පියාට දැරීමට සිදුව ඇත්තේ වර්තමානයේ වියදම් තත්ත්වය අනුව දැරිය නොහැකි පිරිවැයකි.

අතීත ජනකතා, මිත්‍යා කතා , ජනප්‍රවාද පමණක් නොව ජාතක කතාවෙන් ලද ආභාෂය මතින් නැටවෙන මෙරට රූකඩ කලාව රටේ සංස්කෘතික ප්‍රවර්ධනයට හෝ එතුළින් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමටත්, දේශීය කලාව සම්බන්ධයෙන් නූතන දරුවාට කිසියම් අවබෝධයක් ඔවුන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට එක් කිරීමට හෝ දායක කරගැනීමට රජයේ මෙන් ම බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය වෙත පැවරී ඇති තවත් එක් භාරදූර වගකීමක් නොවන්නේ ද?

ක්‍රමයෙන් විනාශ මුඛයට ඇද වැටෙමින් පවතින

ක්‍රමයෙන් විනාශ මුඛයට ඇද වැටෙමින් පවතින සම්ප්‍රදායික රූකඩ කලාව යළිත් නගා සිටුවීමට මේ අවැසි කාලය වන අතර, වගකිව යුතු බලධාරිනී මේ ඔබේ අවධානය පිණිසයි…!

Scroll to Top