Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මහින්ද තෙවැනි වරටත් අගමැති – අග්‍රාමාත්‍ය ලේකම් ගාමීණි සෙනරත්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දීමට නියමිත අතර අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ගාමීණි සෙනරත් මහතා පත්කිරීමට නියමිත බව සදහන් වේ.

2004 වසරේදී මුල්වරට අගමැති තනතුරට පත්වූ මහින්ද රාජපක්ෂ  2005 වසරේදී විධායක ජනාධිපති තනතුරට පත්විය. 2015 ජනාධිපතිවරණ පරාජයෙන් අනතුරුව නැවත පාර්ලිමේන්තුවට පැමිණ 2018 ඔක්තෝබර් ආණ්ඩු පෙරළියෙන් යළි අග්‍රාමාත්‍ය තනතුරට පත් වූවත් පාර්ලිමේන්තු බහුතරය නොමැතිවීම නිසා දින 52ක් තුළ  විශ්වාසභංග යෝජනා දෙකකින් ද පැරදී ඉල්ලා අස්වීමට සිදුවිය.




මහින්ද රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමෙන් අනතුරුව නව කැබිනට් මණ්ඩලය ද අද හෝ හෙට දිවුරුම් දීමට නියමිතව ඇති බව සදහන් වේ.

භාරකාර ආණ්ඩුවේ කිසිදු තනතුරක් ලබා නොගැනීමට ගාමීණි සෙනරත් මහතා තින්දුවක් ගෙන තිබුනත්  ඔහුගෙන් කරන ලද බලවත් ඉල්ලීම නිසා ඊට එකඟ වී සිටින බවයි වාර්තා වෙයි.

 

Scroll to Top