අප්‍රේල් 25 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇති ඉඩකඩ අඩු නමුත් එය ප්‍රමාද කිරීම සුදුසු නොවන බව පළාත් පාලන ආයතන සඳහා සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා ඇත.
පළාත් පාලන ආයතනවල නිල කාලය ඉරිදා (19) දින අවසන් වීමට නියමිතව තිබූ බැවින් හැකි ඉක්මනින් මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය බවත් කුමන තත්ත්වයක් පැවතියද පළාත් පාලන මැතිවරණය නියමිත කාලය ඉක්මවා ප්‍රමාද කිරීම සුදුසු නොවන බවත් ඔහු සඳහන් කර තිබේ.
තැපැල් ඡන්දය සඳහාවත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් මැතිවරණ කොමිසමට ඡන්ද පත්‍රිකා ලැබී නොමැති හෙයින් අවම වශයෙන් ඉදිරි මාස කිහිපය තුළදී හෝ මෙම ඡන්ද විමසීම් පවත්වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.