Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ගෝලීය ප්‍රතිචක්‍රීයකරණ දිනය අද (18) යි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ගෝලීය ප්‍රතිචක්‍රීයකරණ දිනය අදට (18) යෙදී තිබේ.

මෙවර එහි තේමාව වී ඇත්තේ “නිර්මාණශීලි නවෝත්පාදනයයි”.

ඒ අනුව ප්‍රතිචක්‍රීයකරණය කළ නොහැකි අපද්‍රව්‍ය එක් රැස් කිරීම සඳහා අද (18) සිට විශේෂ ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ ඒ සඳහා හෝමාගම,පිටිපන ප්‍රදේශයේ ස්ථානයක් ආරම්භ කර ඇති අතර එමගින් ජනතාවට ආදායමක් උපයාගත හැකි බවයි.

ප්‍රතිචක්‍රීයකරණය කළ නොහැකි අපද්‍රව්‍ය එක්රැස් කිරීම සඳහා බස්නාහිර පළාතේ ජංගම රථයක් යොදා ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

Scroll to Top