Aboutceylon Online

විෂ වායු වැඩිම රටවල් අතරට ආසියානු රටවල් පෙරමුණට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පසුගිය 2022 වසරේදී වායුවේ ගුණාත්මකභාවය සෞඛ්‍යමත් බවට වාර්තා වී තිබුණේ රටවල් සහ කලාප 13ක පමණක් බව නවතම වාර්තාවක සඳහන්ය.

ඒ ඔස්ට්‍රේලියාව, එස්ටෝනියාව, ෆින්ලන්තය, ග්‍රෙනඩාව, අයිස්ලන්තය, සහ නවසීලන්ත පසුගිය වසරේ හොඳම වායු තත්ත්වය සහිත රටවල් ලෙස සඳහන්ය.

ලොව පුරා වායු තත්ත්වය ගැන සොයාබලන “IQAir” නම් සමාගම විසින් විමර්ශනයට ලක්කර තිබු රටවල් සහ කලාපවලින් 90%කම වාර්ෂික වායු දූෂණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ වායු තත්ත්ව මාර්ගෝපදේශ ඉක්මවා ගොස් ඇති බව සදහන් කරයි.

එම වාර්තාවට අනුව 2022 වසරේදී ලොව වායු දූෂණය වැඩිම රට ලෙස වාර්තා වී ඇත්තේ චැඩ් රාජ්‍යය වන අතර ඉරාකය, පාකිස්තානය, බහරේන්, බංග්ලාදේශය, බුර්කිනා ෆේසෝ, කුවේට්, ඉන්දියාව සහ ඊජිප්තුව සහ තජිකිස්තානය එම ලැයිස්තුවේ ඉදිරියෙන් ඇති අනෙක් රටවල් වේ.

එම ලොව වායු දූෂණය වැඩිම රටවල් ලැයිස්තුවේ දකුණු ආසියානු රටවල් තුනක් සදහන් වන අතර ඒ පාකිස්තානය, බංග්ලාදේශය සහ ඉන්දියාව වේ.

Scroll to Top